හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු හැටන් මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සති තුනකට පමණ පෙර සිදුවූ මෙම පන්ති කාමර ගැටුම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ දැඩි කතාබහක් නිර්මාණය විය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඇති වූ ආරවුලකට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බවයි. පාසල මට්ටමින් මෙම සිද්ධිය සමතයකට පත් කර තිබුණද, පහරදීමේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ පහර කෑ සිසුවාගේ මව ඊයේ (28) හැටන් පොලීසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පහරකෑමට ලක්වූ සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව සැකකරුවන් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.v














