සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින උසස් ප්‍රමිතීන් විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම්, ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවා සැපයීමේ විශ්වාසදායක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ස්ථානගත කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත් පදනම වන්නේ මහජන සෞඛ්‍ය සේවාව බවයි.
මෙරට සෑම පුරවැසියෙකුටම සෞඛ්‍ය සේවා සඳහා පවතින සමාන ප්‍රවේශය සහ සමානාත්මතාවය සහතික කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සතු සුවිශේෂී ශක්තියක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සහ නැගී එන නව අභියෝගයන්ට සාර්ථකව ප්‍රතිචාර දැක්වීම රජයේ මෙන්ම ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අරමුණු ඉටු කර ගැනීම හරහා දේශීය රෝගී සත්කාරක සේවා ශක්තිමත් කරන අතරම, විදේශීය රෝගීන් ආකර්ෂණය කර ගත හැකි මට්ටමට මෙරට සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.














