• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ඇමැතිනිය රත්නපුර රෝහල කොරෝනා වෛසරයෙන් ආරක්ෂා කිරිමට පියවර ගනි

7 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රත්නපුර රෝහල කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමටකඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක තුල වෙසෙන ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම, වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ රෝහල සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ මහතා ඇතුලු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ දින (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදිය.

රත්නපුර ශික්ෂණ රෝහල තුලින් කොවිඩ් වෛරසය ආසාදිත වූවන් වාර්තා වීමත් සමග වෛරසය පාලන වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරිය හදිසි ප්‍රතිකාර ධාරිතාවය සහ කොවිඩ් පරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමටත්, රෝගීන් කළමණාකරණය කර ගනිමින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය උපදෙස් රෝහලේ නිලධාරීන්ට ලබා දෙන ලදි.

රෝහල් කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි. කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල කිසිදු හිඟයකින් තොරව මේ වන තෙක් ලබා දී ඇති බැවින්, ඉදිරියටත් හිඟයකින් තොරව එම පරීක්ෂණ කට්ටල ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම හදිසි සේවා අවශ්‍යතාවය මත රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් දැනට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමට Extraction යන්ත්‍රයක් ලබාදීමටත්, වෙන්ටිලේටර් යන්ත්‍ර 05 ක්, high flow oxygen යන්ත්‍ර 07 ක් කඩිනමින් ලබාදීමට එකගතාවයකට පැමිණෙන ලදි.

එමෙන්ම ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය අවම කිරීමටත්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු ඖෂධ හිඟයකින් තොරව ලබාදීමත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අදාල සැළැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙස පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ අනුව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

කොරෝනා නිසා මැතිවරණ බෑ – විහිළු නවතමු -ඇමැති ඩලස්

Next Post

දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකියි – ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් පවසයි

editor

editor

Next Post

දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකියි - ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved