දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන් විජලනයෙන් සහ තාප රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් දිනකට දෙවරක්වත් ඔවුන්ව නැවීමට පියවර ගන්නැයි වෛද්‍ය විශේෂඥයෝ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති කොළඹදී මාධ්‍ය ඇමතූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ දරුවන් අතර සමේ රෝග පැතිරීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් මේ දිනවල ඉතා අවධාරණයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට දිනකට වතුර බෝතල් දෙකක් ලබා දෙන ලෙසත් ක්‍රීඩා පිටිවල හෝ මාර්ගවල ජලය පානය නොකර සෙල්ලම් කිරීමෙන් දරුවන්ට තාප කම්පනය (Heat Shock) ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි අධික ලෙස දහඩිය දැමීම නිසා ශරීරයෙන් ඉවත් වන ඛනිජ ලවණ සහ ජලය නැවත ලබා නොදුනහොත් හිසරදය වමනය ඇඟ පත වේදනාව සහ ආහාර රුචිය නැති වීම වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය දරුවන්ට සැහැල්ලු ඇඳුම් ඇන්දවීමටත් ස්වභාවික පාන වර්ග වැඩිපුර ලබා දීමටත් කටයුතු කරන ලෙස වෛද්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දී තිබේ














