• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හේමාස් රෝහල් සමූහය සහ Mediclinic එක්ව වැල්ලවත්තදී නව වෛද්‍ය මධ්‍යස්ථානක් ආරම්භ කරයි

24 January 2024
in පුවත්, ව්‍යාපාර
හේමාස් රෝහල් සමූහය සහ Mediclinic එක්ව වැල්ලවත්තදී නව වෛද්‍ය මධ්‍යස්ථානක් ආරම්භ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනූ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ පෞද්ගලික රෝහල් සමූහයක් වන හේමාස් රෝහල් සමූහය, Mediclinic සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින්, වැල්ලවත්ත නගර මධ්‍යයේ නව වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පසු ගිය දා සිදු කෙරුණි.
හේමාස් රෝහල් සමූහය සහ Mediclinic ආයතනය සතු වෛද්‍ය විශේෂඥතාව, අති නවීන තාක්‍ෂණය සහ විශිෂ්ට සත්කාරක සේවාව හරහා වැල්ලවත්ත නගරයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින්, එක ම වහලක් යටින් සෞඛ්‍ය සේවා රාශියක් ලබා ගැනීමේ පහසුකම් පුළුල් කිරීමට මෙම නව වෛද්‍ය මධ්‍යස්ථානය අරමුණු කරයි.

බාහිර රෝගී අංශය (පෙ. ව. 7 සිට ප. ව. 7 දක්වා), අත්‍යවශ්‍ය ඖෂධ වලින් සමන්විත ඖෂධහල, දිවා කාලයේ දී වෛද්‍ය උපදේශන සේවා ලබා ගැනීමේ හැකියාව, රසායනාගාර සේවා, ECG පහසුකම් සහ විශේෂිත අක්ෂි හා දන්ත සායන ආදී වශයෙන් පුළුල් සෞඛ්‍ය සේවා පරාසයක් ආවරණය කරනු ලබන මෙම නව සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් ගුණාත්මක බවින් ඉහළ නේවාසික සෞඛ්‍ය පහසුකම් ද ප්‍රවර්ධනය කරනු ලබයි.

හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය ලකිත් පීරිස් අදහස් දක්වමින්, “Mediclinic සමඟ අප ගොඩනඟා ගත් සහයෝගීතාව, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපගේ කැප වීම පෙන්නුම් කරනවා. අප ආයතන දෙක සතු සම්පත් සහ ප්‍රවීණත්වය ඒකාබද්ධ කිරීමෙන්, විශිෂ්ටත්වයෙන් වගේ ම ආරක්ෂාවෙන් පරිපූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ හැකියාව අප සතු බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති මෙරට ප්‍රමුඛතම රෝහල් ජාලය වන හේමාස් රෝහල් ජාලය ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර (ACHSI) සහතිකය ලබා ඇති අතර, ලොව ප්‍රමුඛතම ප්‍රමිතීන් පිළිපදිමින්, උසස් සායනික ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැප වෙයි.

හේමාස් රෝහල් සමූහය, Mediclinic ආයතනය සමඟ ගොඩනඟා ගත් මෙම හවුල්කාරිත්වයේ එක් සුවිශේෂත්වයක් වන්නේ සම්මත ආකෘතියෙන් බැහැරට යමින් පැය 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත නිරවද්‍ය රෝග විනිශ්චය ප්‍රතිඵල ලබා දිය හැකි, අති නවීන වෛද්‍ය රසායනාගාර සේවාවයි. එමෙන් ම කීර්තිමත් වෛද්‍ය උපදේශක ලැයිස්තුවකින් සහ උසස් තත්ත්වයේ රෝග විනිශ්චය පහසුකම් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවාවන් රැසක් ලබා දෙන නිසා මෙම නව වෛද්‍ය මධ්‍යස්ථානය මගින් කොළඹ 6 සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව වෙත සුවිශේෂී ප්‍රතිකාර සේවාවක් ලබා ගැනීමේ පහසුකම් ප්‍රවර්ධනය කරයි.

හේමාස් රෝහල් සමූහය සහ Mediclinic ආයතනයේ මෙම හවුල්කාරිත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ නව යුගයක උදාවක් ලෙස සඳහන් කළ හැකි ය. එක ම වහලක් යටින් පුළුල් සෞඛ්‍ය සේවා රැසක් සමඟින්, පුද්ගලාරෝපිත සත්කාරයක් ලබා දෙන මෙම නව සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් රෝගීන්ට පූර්ණ සුවය ලබා ගැනීමේ හැකියාව උදා කර දෙයි. 0112-593959 යන දුරකථන අංකය අමතා, වේලාවක් වෙන් කර ගෙන හෝ කොළඹ 06, ගාලු පාරේ 36/A යන ලිපිනයේ පිහිටි හේමාස් වෛද්‍ය සායනය වෙත ගොස් මෙම අද්විතීය සේවාව අත්විඳින්න.

PR

Post Views: 126
Previous Post

ජාතික ජන බලවේගය සහ ඉන්දියානු නව මහ කොමසාරිස් අතර හමුවක්

Next Post

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරයට – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

editor ttvnews

editor ttvnews

Next Post
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරයට – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරයට - රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved