හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35.474ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය අද (06) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය. මෙලෙස දඬුවම් නියම වූයේ ඉම්මි අප්පුහාමිලාගේ කසුන් විමංග නැමැති සැකකරුවෙකුටයි.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු කිහිපයක් මෙසේය. හලාවත අධිකරණ බල ප්‍රදේශයට අයත් කිරිමැටියාන වත්ත ප්‍රදේශයේදී 2020 ඔක්තෝබර් 11 වැනිදා පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා හතරක් යටතේ නඩු පවරා තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහු වරදකරු බවට තීරණය විය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මර්දන නීතියට අනුව සැලකිය යුතු හෙරොයින් ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.














