කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර කිරිවන්දල ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන මාර්තු මස මුල් සතියේදී හයිලෙවල් මාර්ගයේ රිය ධාවනයට බාධා පැමිණිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්තු මස 05 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ මෙම ස්ථානයෙන් ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.
මෙම අලුත්වැඩියා කටයුතු සිදුවන කාලසීමාව තුළ කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ (හයිලෙවල් මාර්ගය) ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි. දුම්රිය හරස් මාර්ගයේ පවතින අනතුරුදායක තත්ත්වය මඟහරවා මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම කඩිනම් නඩත්තු කටයුත්ත සිදු කෙරේ.
මාර්ගය වසා තැබෙන දිනවලදී ඇතිවිය හැකි දැඩි රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා ගමන් ආරම්භ කිරීමට පෙර විකල්ප මාර්ග පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, මාර්ග සංඥා සහ පොලිස් උපදෙස් පිළිපදින ලෙසත් මගී ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් අවිස්සාවේල්ල සහ කොළඹ අතර ධාවනය වන බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මේ පිළිබඳව කල්තියා සැලසුම් කිරීම වැදගත් වේ.














