හික්කඩුව වරාය අසල මුහුදු තීරයේදී අද (22) දහවල් කාලයේදී දියේ ගිලෙමින් සිටි විදේශීය ජාතිකයෙකු බේරා ගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. දිය නෑමට ගිය මෙම පුද්ගලයා දිය වැලකට හසුවී මුහුද දෙසට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.
ඒ අනුව, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක ලක්මාල්, පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් එක්ව වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයා බේරාගෙන වෙරළට රැගෙන ඒමට කටයුතු කර තිබේ.
අනතුරට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 46ක් වන ඉන්දියානු ජාතිකයෙකි. ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීමෙන් පසු හික්කඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.














