පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අද (09) සහ හෙට (10) යන දිනවල පැය 12ක කාලයක් අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව හෝමාගම ප්‍රදේශයට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වන අතර හෝමාගම නගරය, වෑකන්ද පාර, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳගල, මාගම්මන සහ දියගම විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රදේශ රැසකට මෙයින් බලපෑම් එල්ල වේ.
මීට අමතරව පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශවලට හෙට (10) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මෙම කප්පාදුව පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය මෙන්ම මහරගම – පිළියන්දල පාර සහ මොරකැටිය පාර යන ප්‍රදේශවලට ද අදාළ වනු ඇත. වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍රවල මට්ටම පහළ යාම මෙම තීරණයට හේතු වී ඇති අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

















