පවතින වියළි කාලගුණය හමුවේ ජල සැපයුම් කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස අද (06) සඳුදා පෙරවරු 8.00 සිට හෝමාගම කලාප අංක සහ ඒ අවට ප්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අද රාත්‍රී 8.00 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ අතර පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද (06) පෙරවරු 8.00න් අවසන් වූ බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. උත්සව සමය එළැඹෙන බැවින් පාරිභෝගික ජනතාවට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී.
අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවශ්‍ය ජලය කලින් රැස්කර තබාගන්නා ලෙස ද දන්වා ඇත.














