හෝමාගම ප්‍රදේශයට අද (අප්‍රේල් 05) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල සැපයුම අත්හිටුවීමේ කාලසීමාව පැය 12 දක්වා අඩු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (5) පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12 ක කාලයක් හෝමාගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.














