හොරණ පොලිස් වසම තුළ සිදුකළ විශේෂ රථවාහන පරීක්ෂාවකදී, ධාවනයට නුසුදුසු සහ විවිධ කාර්මික දෝෂ සහිත වාහන 15ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ධාවන තහනම් නියෝග නිකුත් කිරීමට හොරණ මූලස්ථාන පොලීසිය පියවර ගෙන තිබේ. රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වාහන 107ක් සෝදිසියට ලක් කර ඇත.
පරීක්ෂාවට ලක් කළ වාහන අතරින් තිරිංග පද්ධතියේ දෝෂ, සංඥා ලාම්පු සහ පහන් පද්ධතියේ අඩුපාඩු, පැති කන්නාඩි නොමැති වීම සහ ආරක්ෂිත හිස්වැසුම් රහිතව ගමන් කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 35 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද පොලීසිය කටයුතු කර තිබේ. දෝෂ සහිත වාහන මාර්ගයට පිවිසීම රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන බැවින්, ඉදිරියටත් මෙවැනි හදිසි පරීක්ෂාවන් සිදු කරන බව හොරණ පොලීසිය අවධාරණය කරයි.














