හොරණ වගවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය අනවසර මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු අද (16) ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කත්‍රිආරච්චිගේ ශෂික ආසිරි නැමති විවාහක පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ එක්ව අලුයම් කාලයේදී මෙම මැණික් පතල හෑරීමට කටයුතු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
පතලේ පස් කණ්ඩිය කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය පුද්ගලයා කාලයක සිට මෙලෙස අනවසරයෙන් මැණික් පතල් හෑරීමේ කටයුතුවල නිරතව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














