දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලටත්, කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලටත් මෙම බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක පවතිනු ඇතැයි ගණනය කර තිබේ.
මෙම දැඩි උණුසුම් තත්ත්වය හමුවේ විජලනය සහ අධික මහන්සිය වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් දෙයි. විශේෂයෙන් එළිමහනේ සේවය කරන පුද්ගලයන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.














