• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

2023 මාර්තු පැවැත්වීමට නියමිත ඡන්දයක් අද කල්දාන්නේ කොහොමද? – රජිත් කිර්ති තෙන්නකෝන්

21 October 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් පළාත් පාලන ආයතන 2023 මාර්තු 20 දින විධිමත් හා නිත්‍යානුකූල ලෙස බලාත්මකය. ‘ඡන්දය කල් දමන බවට‘ රටේ මතයක් හදන්නට පක්ෂ කිහිපයක් උත්සහ කරති. 2021 සැප්තෑම්බර් සිට 2022 ජනවාරි දක්වා ඡන්දය කැඳවීමේ නිත්‍යානුකූල අවස්ථාව අතහැර දැමූ මැතිවරණ කොමිසම ද දැන් නැති බිල්ලෙක් මවන්න හදනවා‘ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

2018 මාර්තු ස්ථාපනය කළ පළාත් පාලන ආයතනවල නිල කාලය 20212 මාර්තු අවසන් වීමට නියමිතව තිබුණි. එදා දේශපාලන බලවතාගේ අනුග්‍රහය එයට නොලැබුණි. 2022 ජනවාරි මාසයේ එවකට සිටි අමාත්‍යවරයා පළාත් පාලන කාලය කාලය වසරකින් දීර්ඝ කළේය. ඊලඟ ඡන්දය නියමිතව ඇත්තේ 2023 මාර්ත හෝ අප්‍රේල් ය. මැතිවරණ කොමිසමට 2021 සැප්තෑම්බර් ඡන්දය කැඳවා අවශ්‍ය නම් 2022 ජනවාරි ඡන්දය තැබිය හැකිව තිබුණි. එදා රට බංකොලොත් නැත. කෝවිඩ් ද නැත. ඉන්ධන පෝලිම් ද, විදුලි කප්පාදු ද තිබුණේ නැත. වත්මන් සියළු කොමිසන් සභා නිදාගන්නෙත්, ඇහැරෙන්නෙත් ‘කේජු කෑල්ල කටින් ගත්
මිහිරි කුරුළු නාදයට‘ අනුවයි.

අද රටේ සියළුම කොමිසන් සභා ක්‍රියාත්මක වන්නේ ‘ලොස් ඇන්ජලීස් සිට නැගෙන මිහිරි කුරුළු නාදයට‘ ය. දළ ගලවලා, අං කපලා හීලෑ කරන තියෙන කොමිෂන් සභා යටතේ ඡන්දය තියන්න අවශ්‍ය පිරිසට එයින් සිදුවන හානිය හෝ ප්‍රතිඑලය ගැන කිසිදු අවබෝධයක් නැත.

ලක්ෂ හතරක් තරුණයිට මොකද වෙන්නේ?

2022 පෙබරවාරි 1 පටන් ගත් වයස 18 ට අඩු තරුණයින් ලියාපදිංචිය අගෝස්තු 1 වන විට අවසන් කළ හැකිව තිබුණි. මෙවර වෙනදා මෙන් ගෙයින් ගෙට ගොස් ඡන්ද කොළ පිරවීමක් නොවීය. එවිට සැප්තෑබ්බර් 1 ට ඡන්ද පොත සහතික කළ හැකිව තිබුණි. අද ඡන්දයක් තිබ්බොත් අරගලයට සම්බන්ධ වුණ, නායකත්වය දුන්න අවු. 18 සහ 19 තරුණ පිරිසෙන් ලක්ෂ හතරකට ඡන්ද අයිතිය අහිමි වන බව කියවේ. මෙය සත්‍යයක් විය නොහැකිය. මන්ද වසරකට අලුත් ඡන්ද ඇත්තේ ලක්ෂ දෙකක් පමණී. 2021 ජූනි 1 සිට 2022 ජූනි 1 දක්වා වයස 18 සම්පූර්ණ වූ තරුණයින් 150,000 කට ආසන්න පිරිස මේ වන විට ලියාපදිංචි කර තිබිය යුතුය. එය සිදු කර නොමැති නම් එහි වගකීම වත්මන් මැතිවරණ කොමිසම ගත යුතුය. රටේ තීරණ ගැනීමේ අයිතිය ලැබිය යුතුයි. තරුණ කෝටාව, ජාතික සභා තරුණ නියෝජනය, ජන සභාවට මේ සියල්ලම තරුණයින්ට දොර අරින්නටය. ඡන්ද ලැයිස්තුවෙන් දොර වැසීම වැලකිය යුතුමය.

අමතක කළ ඡන්ද සංශෝධන යෝජනාව

දිනේෂ් ගුණවර්ධන මහතා ගේ සභාපතීත්වයෙන් වූ ඡන්ද ක්‍රම සංශෝධනය පිළිබඳ රීම් කාරක සභා වාර්තාව එය හදපු කමිටුවම විසින්ම පරාජය කළේය. එයට මම මාගේ උපරිම දායකත්වය පාර්ලිමේන්තුව වෙත ලබාදුනිමි. සජබ, මු.කො., ජවිපෙ, ද්‍රජාස එය පරාජය කළ නමුත් තමන්ගේ විකල්ප යෝජනාව ඉදිරිපත් කළේ නැත.

වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය ඛෙදවාචකයකි. විකාර රූපී ඡන්ද ක්‍රමයකි. මුදල් නාස්තියකි. විපක්ෂයට කාන්තා සභිකාවියන් බහුතරයක් බලහත්කාරයෙන් පටවා ක්‍රියාකාරී විපක්ෂයක් නැති කරන අසාධාරණ ක්‍රමයකි. පළාත් පාලනයේ විසඳිය යුතු ගැටළු කිහිපයකි.

1.සභිකයින් 8711 ක් වන සංඛ්‍යාව හාර දහස බැරිනම් 5000 අඩු විය යුතුය. මන්ද, සභිකයින්ට වැටුප් හා දීමනා ගෙවන්නවත් ආදායම් නැති ආයතන 38 ක් ඇති නිසාය.
2.කාන්තා නියෝජනයේ පීඩණයෙන් විපක්ෂය ගැලවිය යුතුය. උදාහරණයකට මොණරාගල එජාපයේ කොට්ඨාශ දිනපු කාන්තාවේ එක් අයෙකි. පුරුෂයින් 19 ක් ලැයිස්තුවෙන් නම් කරන විට, එජාපයට කාන්තාවන් 28 ක් පත් කරන්නට සිදු විය. මොණරාගල පොහොට්ටුවේ මුළු මන්ත්‍රී සංඛාව 11₄ කි. පත්කළ එක් මන්ත්‍රීවරියක් පමණී. ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය 67% ක් එජාපයේ ය. පොහොට්ටුවේ 10% කි. සභාවේ කාන්තාවන් පිරවෙන්නේ පරාජිතයාගෙනි. කාන්තා නියෝජනයේ පදනම විපක්ෂයට බර පටවමින් මුළුමනින්ම විනාශ වී ඇත.
3.2018 දී ඉවත් කළ තරුණ කෝටාව නැවත ගෙන ආ යුතුය. දිස්ත්‍රික්ක සංවර්ධන සභාව, තරුණ කෝටාව තුලින් 38 කට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිහිවිය. එම අවස්ථාව නැවත ඇති කළ යුතුමය.
4.මනාප ක්‍රමය නැති ඡන්ද ක්‍රමයක් රටම ඉල්ලන ඡන්ද වෙනසකි. එය අවශ්‍යමය.
5.කොට්ඨාශ සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමත්, දුෂිතයන් එළවීම එනම් දුෂණ චෝදනා එල්ල වූ සභිකයින් නැවත කැඳවීමේ ක්‍රමයක් (සභික ධූරය අහිමි කිරීම) පළාත් පාලන ඡන්ද ක්‍රමයට ඇතුළත් කළ යුතුයි. පළාත් පාලනයේ බැරි දුෂිත මන්ත්‍රීවරුන් ඉවත් කිරීම නැතිනම් කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කළ නොහැකි වනු ඇත.

දැන් මේ යෝජනා 5 ම අතහැර පිරිසක් පළාත් පාලන ඡන්දය තියන්නට විපක්ෂයේ මන්ත්‍රීවරු මහජන පෙත්සම් අත්සන් කරන්නට යෝජනා කරති! ඡන්ද කල් දානවෝ, ඡන්ද කල් දානවෝ හීනෙන් මෙන් කියති.

2015 පාර්ලිමේනත්තු ඡන්දය, 2018 පළාත් පාලන ඡන්දය, 2019 ජනාධිපතිවරණ, 2020 පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ඉතිහාසයේ පැවති නිදහස් ම හා සාධාරණම මැතිවරණ බව අවිවාදාත්මක ය. එය සිය සිදු වූවේ එදා පැවති ස්වාධීන කොමිසන් සභා නිසාය. 22 මගින් නැවත ඒ ස්වාධීන්තවය කොමිෂන් සභා වෙත ලබා දී ඡන්දය පැවැත්විය යුතුය.

සීමා නිර්ණය ගොනී බිල්ලා

තවලිංගම් මහතා ගේ සීමා නිර්ණය කොමිසම මාස 3 කින් ද, අශෝක පීරිස් මහතා ගේ කමිටුව මාස 6 – 7 කින් ද, සීමා නිර්ණය කළේය. යෝජිත පළාත් පාලන ආයතන 22 ක නීමා නිර්ණය දින දෙකකින් අවසන් කළ (උදා. දකුණ) පළාත් සභා ද වේ. අද සීමා නිර්ණය කමිටුවේ සභාපති මැතිවරණ ඔස්තාර් මහින්ද දේශප්‍රිය මහතා ය. ඔහුට එය මාස 3 කින් කළ හැකිය.

ලංකාවේ ආණ්ඩුකරණයේ දැවැන්ත වෙනස්කම් රැසක් පාමුල සිටී. ජාතික සභාව හදන්නට ගතවූවේ සති 3 කි. ජන සභා ලේකම් කාර්යාලය හදන්නට දින 38 කි. 22 ට හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගත වූවේ මාස 2 ½ කි. ඡන්ද ක්‍රමයේ වෙනසකට අවශ්‍ය කුඩා කාලයකි.

1983 මැයි 18 හා 20 දිනවල එකවර ඇතුරු මැතිවරණ හා පළාත් පාලන ඡන්ද තිබූනේය. අවශ්‍ය නම් 2023 මාර්තු 20 න් පසු ඕනෑම දවසක පාර්ලිමේන්තු මැතිවරණය ද, පළාත් පාලන ඡන්දය ව්‍යවස්ථාවට අනුකූලව එකවිට පැවැත්විය හැකිය!

අපේ රටට තෝරාගැනීම් දෙකක් තිබේ. එකක් දිගින් දිගටම මේ වැරදි, ඛෙදවාචකයක් වූ, විෂම ඡන්ද ක්‍රමය පවත්වාගෙන යා හැකිය. දෙවැන්න, කෙටි කලක් තුල (මාර්තු මාසයට පෙර) මේ දුෂ්ඨ ක්‍රමයේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සකස් කර අවශ්‍ය නම් එකව වරම පාර්ලිමේන්තු හා පලාත් පාලන ඡන්දය පැවැත්විය හැකිය.

පුද්ගලිකව මම පෙනී සිටින්නේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා මිස මේ දුෂ්ඨ ජරාජීර්ණ ක්‍රමය පවත්වා ගැනීමට නොවේ! ඡන්ද කල් දැමීමට ද නොවේ!!

රජිත් කිර්ති තෙන්නකෝන්

Post Views: 83
Previous Post

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරනවා – ජනපති

Next Post

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ජාතික සභාවට

editor

editor

Next Post

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ජාතික සභාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved