• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ගේ භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි “Press Vs. Prez” කෘතියෙන් එළිදැක්වේ

8 March 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙවන් නිර්මාණ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවත්, රට තුළ ස්ථාපිත වී ඇති නිදහස මෙමඟින් තහවුරු වන බවත්ය.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.

පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවසීය.

අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් මෙම සියලු විකට නිර්මාණ සිදු කළ නිර්මාණ ශිල්පීන්ට සිය ස්තූතිය පුද කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් නිර්මාණ 618ක් පමණ එක් කර මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙහිදී කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ජනාධිපතිවරවයා අතින් ඇගයීමට ලක් විය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වූ අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ලැබීය.
කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ මෙම කාටුන් නිර්මාණ එකතුව සම්ප්‍රදායක් ඉටු කිරීමක් බව කිවයුතුයි. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීත් මෙවන් නිර්මාණ එකතුවන් දක්නට ලැබුණා. ඒ වගේම ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ නිවසෙත් මෙවැනි නිර්මාණ දක්නට ලැබුණා. ඉතින් අද වජිර අබේවර්ධන මැතිතුමාත් පිළිපැද තිබෙන්නෙත් එම සම්ප්‍රදායයි. මෙම නිර්මාණයට අදාළ කාල වකවානුව වන 2021-2023 කාලය දැන් අපට අමතක වෙලා තිබෙනවා. මම වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ කාටුන් නිර්මාණයක් මෙම පොතෙහි ඇතුළත් වෙලා තිබෙනවා මම දුටුවා. මට එම අවස්ථාවේ දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ කාර්යාලයකදී එය සිදු කිරීමට බිය වුණේ ඒවා ගිනි තබයි කියලා. අනතුරුව අගවිනිසුරුතුමාට දැනුම් දී වාලුකාරාම විහාරස්ථානයේදී මම දිවුරුම් දෙනු ලැබුවා. එවැනි තත්ත්වයකයි එදා අපේ රට පැවතුනේ. ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුව වට කර තිබුණා. හමුදාවේ මැදිහත්වීමෙන් එය නවතා ගැනීමට හැකි වුණා. මෙම කාලය තුළ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ වගේම රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් පියවර ගැනීමට සිදු වුණා. මේ කාලය තුළම විකට චිත්‍ර 2000ක් පමණ නිර්මාණය වෙලා තිබෙනවා. අප ඒකාධිපති රාජ්‍යයක් නම් මෙවන් නිර්මාණ බිහි විය නොහැකියි. මෙම නිර්මාණ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කිවයුතුයි. අපහාස නීතිය ඉවත් කිරීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
අද පොත් ලියන්න පුළුවන්. රූපවාහිනි, ගුවන් විදුලි, චිත්‍රපටි ඕනෑම නිර්මාණයක් සිදු කළ හැකියි. ඒ නිදහස තිබෙනවා. මේ රටේ සර්වජන ඡනද බලය ලැබුණේ 1931 වර්ෂයේදීයි. ඒ කාලයේ සිට මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. විපක්ෂය තහනම් කළේ නැහැ. විපක්ෂ නායකයෝ සිරගත කළේ නැහැ. ප්‍රශ්න තිබුණා. නමුත් මැතිවරණයකින් පසු එම ප්‍රතිඵල පිළිගෙන ඒ අනුව පරාජය භාරගෙන බලය භාරදී ඉවත් වුණා. ආසියාවේ එසේ සිදු වූ එකම රට අපේ රට පමණයි. අපි අතර කෙතරම් ප්‍රශ්න තිබුණත් අප ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක්.
මේ සියලු විකට චිත්‍රවලින් පෙන්වන්නේ රට තුළ තිබෙන නිදහසයි. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය, ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන විට මෙම විකට චිත්‍ර වැඩි වෙනවා මිස අඩු වන්නේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අප ඉදිරියට ගෙන යා යුතුයි. මම රට භාරගත්තේ ඉතා අසීරු සමයක. රටේ දේශපාලනය කැඩි ගිය අවස්ථාවක. නමුත් අපේ එක් කණ්ඩායමකට හැකියාව ලැබුණා රටේ ආර්ථිකය යහපත් මට්ටමටකට ගෙන ඒමට. පාර්ලිමේන්තුව තුළ අපි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස එකට වැඩකටයුතු කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි මෙම නිර්මාණ මඟින් පිළිඹිබු වෙන්නේ. මෙම කාලය තුළ අප අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. මේ අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මම සාකච්ඡා කළා. අප මෙතෙක් කළ සියලු කටයුතු සාර්ථක බව එහිදී සඳහන් කෙරුණා. අපට ණය දුන් රටවල කමිටුවේ තීරණය අනුව පුද්ගලික ණය හිමියන් අදහස් ප්‍රකාශ කිරීමට නියමිතයි. අද අපි එම කටයුතු කරගෙන යනවා. අප මේ ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. ඊයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා යෝජනා කළා ණය පිළිබඳ ආණ්ඩුව සිදු කරන සාකච්ඡාවලට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගන්න කියලා. ඒ අනුව ලබන සඳුදා විපක්ෂය ඇතුළු සියලු නායකයන් කැදවලා ඔවුන්ගේ අදහස් ලබාගෙන එම සියලු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඔවුන් ලබාදෙන අවසාන තීන්දුව අනුව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අප සියලුදෙනාට එකතුවෙලා මේ ගමන යන්න පුළුවන් කියලා. මෙම දුෂ්කර කාලයේ යම් කිසි සහනයක් මෙම විකට චිත්‍රවලින් අපට ලැබුණා. ඒ මගින් සැහැල්ලුවෙන් ජීවිතය දෙස බැලීමට හැකියාව ලැබුණා. දැන් අපි සියලුදෙනා ස්ථාවර අනාගතයක් වෙනුවෙන් ගමන් කළයුතුයි. විපක්ෂයේ සියලුදෙනාත් එක් කර ගනිමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම කලාකරුවන් සහ චිත්‍රශිල්පීන් සියලුදෙනාට මම මගේ ප්‍රශංසාව පළ කරනවා යැයි ජනාධීපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් ද, විදෙස් තානාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, මාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6,567
Previous Post

යහපාලනය ආණ්ඩුව කාලේ ආයතන කඩා බිඳ දැමු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

Next Post

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – ඇමැති කංචන

editor ttvnews

editor ttvnews

Next Post
විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – ඇමැති කංචන

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට - ඇමැති කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved