OnlyFans (ඔන්ලිෆෑන්ස්) ආයතනයේ ප්‍රධාන හිමිකරු වන ලියොනිඩ් රද්වින්ස්කි වයස අවුරුදු 43 දී අද (23) අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු සාමකාමීව මෙලොව හැරගිය බව OnlyFans ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
යුක්රේන සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකු වූ රද්වින්ස්කි, 2018 වසරේදී OnlyFans හි මව් සමාගම වන ෆීනික්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් (Fenix International Limited) මිලදී ගත් අතර ඔහු එහි බහුතර කොටස් හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. 2016 දී ආරම්භ වූ OnlyFans වේදිකාව කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා දැඩි ජනප්‍රියත්වයට පත් විය. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස රද්වින්ස්කිගේ ඥාතීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














