ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවාගැනීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා අද (23) මේ බව නිවේදනය කළේය.
මෙම බඳවාගැනීම් යටතේ නියාමක, හෙද නිලධාරී, ඖෂධ සංයෝජක සහ රියදුරු යන තනතුරු සඳහා විශ්‍රාමිකයින්ට අයදුම් කළ හැකිය. උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් නිලධාරීන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍ර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.














