Huawei සමාගම විසින් මෙහෙයවනු ලැබූ Huawei Intelligent IT Summit 2026 සමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ ඩිජිටල් පරිවර්තන තීරකයන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ. කෘත්‍රිම බුද්ධිය සඳහා සූදානම් මීළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර කෘත්‍රිම බුද්ධිය සහ වලාකුළු පරිගණක තාක්ෂණය හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනස් වන ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු විය.
මෙම සමුළුවේදී AI ගණනය කිරීම් සහ ඉහළ කාර්යසාධනයක් සහිත දත්ත සැකසීම සඳහා නිර්මාණය කරන ලද නවීනතම යටිතල පහසුකම් විසඳුම් තුනක් හඳුන්වා දෙන ලදී. මූල්‍ය පද්ධති සහ දත්ත සමුදායන් වැනි තීරණාත්මක ව්‍යාපාරික කටයුතු බලගැන්වීම සඳහා නිර්මාණය කළ OceanStor Dorado පද්ධතිය සහ AI මාදිලි පුහුණු කිරීම මෙන්ම මහා පරිමාණ දත්ත කළමනාකරණය සඳහාම සකස් කළ OceanStor A800 පද්ධතිය ඒ අතර ප්‍රධාන වේ. මෙම නව තාක්ෂණික දියුණුව මෙරට ආයතනවලට තම දත්ත වඩාත් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව හැසිරවීමට මෙන්ම ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ ඉදිරියට යාමට මනා පිටුවහලක් වනු ඇත.
















