හුංගම පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අම්බලන්තොට, මාමඩල, ජංසගම ප්‍රදේශයේ නිවසක සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2,200ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. ඊයේ (21) රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අංජුල මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු සහ ඉන්ධන තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. පවතින ඉන්ධන අර්බුදය සහ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මිල ඉහළ යාම හමුවේ මෙලෙස නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර තැබීම පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (22) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.












