• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා කැප වී සිටිමි – ජනාධිපති ගෝඨාභය 

25 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට පිළිතුරු ලිපියක් යොමු කරමිනි.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් 2022.04.20 වන දින යොමු කරන ලද ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

උපුටා ගැනීම

“අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්ස,

රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය කඩිනමින් විසඳීමෙහි ලා ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳවයි

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳීමෙහි ලා ඔබ වහන්සේලා විසින් මා වෙත, අග්‍රාමාත්‍යතුමන් වෙත සහ විපක්ෂ නායකතුමන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත 2022.04.20 වන දින යොමු කරන ලද ලිපිය හා බැඳේ.

ඔබවහන්සේලා විසින් මීට පෙර මා වෙත එවන ලද, එ නම් 2022 අප්‍රේල් මස 04 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ අන්තර්ගත කරුණු කිසිසේත් මා විසින් නොසළකා හැර නොමැති බව ඉතා ගෞරවයෙන් යුතුව ඔබවහන්සේලා වෙත ප්‍රථමයෙන්ම කාරුණිකව ප්‍රකාශ කර සිටිමි.

මේ වන විටත් ඔබවහන්සේලා විසින් පෙන්වා දෙන ලද රටේ මතු වී ඇති ආර්ථික අර්බුදය වහාම විසඳීමෙහි ලා අප විසින් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ජනතාව මුහුණ දෙන ඉතා අසීරු ජීවන තත්ත්වය පිළිබඳව මා හට අවබෝධයක් ද නැතුවා නොවේ. දෛනික, සංඛ්‍යාලේඛන හා දත්ත මත පදනම්ව, විශේෂඥ සහාය ද ඇතිව මා අමාත්‍ය මණ්ඩලය සමග කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

ඒ අනුව, මහජනතාවට අත්‍යාවශ්‍ය වන ආහාර, ඖෂධ, ගෘහස්ථ ගෑස් මෙන්ම නොයෙකුත් ඉන්ධන සැපයීම් සම්බන්ධව සකස් කරන ලද සැලසුම් මේ වන විටත් දැඩි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව, නව මුදල් අමාත්‍යවරයා, නව මහ බැංකු අධිපති සහ නව භාණ්ඩාගාර ලේකම්, ම විසින් පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින්ගේ මග පෙන්වීම මත, අදාළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමග දැනටමත් සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිති.

එහි ප්‍රතිඵලයක් වශයෙන් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” හා ඉන්දීය රජය දැනටමත් යහපත් ප්‍රතිචාර දක්වා ඇති හෙයින්, පවතින ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලබාගන්නා තෙක් ඉදිරි සති කිහිපය තුළ තාවකාලික විසඳුමකට යා හැකි බවට තරයේ විශ්වාස කරමි.

මා ජනාධිපති ලෙස පත් වූ වහාම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීති විශාරදයන්ගෙන් හෙබි කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ සාමාජිකයන් වනුයේ:

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා – සභාපති
විශ්‍රාමික මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා
විනිසුරු ඒ. ඩබ්. ඒ. සලාම් මහතා
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
මහාචාර්ය ඒ. සර්වේස්වරන් මහතා
මහාචාර්ය ඩබ්. සෙනෙවිරත්න මහතා
ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා
කෞෂල්‍ය මොල්ලිගොඩ මහත්මිය – ලේකම්

මෙම කමිටුව වසර දෙකක පමණ කාලයක් තුළ විවිධ දේශපාලන පක්‍ෂ, විවිධ කණ්ඩායම් සහ විශේෂඥ පුද්ගලයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා නව ව්‍යවස්ථාවකට අදාළ කෙටුම්පත් සකස් කරමින් පවතී. එම කෙටුම්පත සකස් කොට අවසන් කිරීමට ආසන්න බව ද කමිටුව විසින් මට දන්වා ඇත. එසේ සකස් කරන ලද කෙටුම්පත ලැබුණු විගස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමි. එසේම ඔබ වහන්සේලාට ද එම කෙටුම්පතෙහි පිටපතක් ලැබීමට සලස්වන බැව් කාරුණිකව දන්වමි.

රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා මම කැප වී සිටිමි. ඔබවහන්සේලා විසින් සඳහන් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව ද පාර්ලිමේන්තුව තුළින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ පිළිබඳව මාගේ සහයෝගය දක්වන බව ද, එවැනි සංශෝධනයක් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එක්ව සිදු කළ යුත්තක් බැව් ද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.

තවද, රටේ පවතින වර්තමාන තත්ත්වයට ස්ථීරසාර විසඳුමක් උදෙසා තම දායකත්වය අපේක්ෂාවෙන් සියලුම දේශපාලන පක්ෂවලට සර්වපාක්ෂික සමුළුවට කරන ලද ආරාධනාවට ද, අමාත්‍ය ධුර භාර ගනිමින් රට පත්ව ඇති තත්ත්වයෙන් මුදවාලීම සඳහා සහාය ලබා දෙන ලෙසට පිරිසිදු චේතනාවෙන් යුතුව කළ ඉල්ලීමට ද මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණකි. එසේ වුවත්, මාගේ ආරාධනය සියලු දේශපාලන පක්ෂ සඳහා තවදුරටත් එ ලෙසම පවතින බව ද දන්වනු කැමැත්තෙමි.

අප කුමන දේ කළත්, සියලු ක්‍රියාදාමයන් ව්‍යවස්ථානුකූල විය යුතු අතර ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම වත්මන් ව්‍යවස්ථාව තුළ සිදු විය යුතුය. එ නිසා, මා හෝ අප රජය හෝ කිසිදු අවස්ථාවකවත් ඔබවහන්සේලා ඉදිරිපත් කරන යෝජනා හෝ ජනතා අභිලාෂයන් හෝ බැහැර කොට කටයුතු නොකරන බවට සිහිපත් කරමි.

අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රටක පරිපාලන කටයුතු මෙහෙයවිය නොහැක. එසේම අමාත්‍ය මණ්ඩලයක් නොමැති වීම ප්‍රායෝගික ද නොවේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහාය ද ඇතිව, තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට මා හට සිදු විය. දැවෙන ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහාම කෙටිකාලයකට මෙම පත් කිරීම් සිදු කළ බව ද ගෞරවයෙන් සඳහන් කරමි.

මෙතෙක් මාගේ ධුර කාලය වූ වසර දෙකහමාරක් තුළ නොයෙකුත් දේශපාලන පක්‍ෂ මෙන්ම නොයෙකුත් ජන කණ්ඩායම්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද උද්ඝෝෂණ, පෙළපාලි, සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් මාර්ග අවහිර කිරීම් වැනි දෑ වල දී කිසිදු ආකාරයක බැටන් පොලු ප්‍රහාර හෝ කඳුළු ගෑස් වැනි සාමාන්‍යයෙන් උද්ඝෝෂණ මර්දනය කරන කිසිදු ආකාරයක කටයුත්තක් අපගේ රජය විසින් නොකරන ලද බැව් සිහිපත් කරනු කැමැත්තෙමි. මාගේ කාර්යාලය ඉදිරිපස සිටිමින් කරන ලද කිසිදු විරෝධතාවයකට හෝ උද්ඝෝෂණයකට පොලිසිය / ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් පහර දීම් වැනි මර්දනකාරී ක්‍රියා අනුගමනය නොකරන ලද බැව් ඔබ වහන්සේලාට ගෞරවයෙන් සිහිපත් කරමි.

2022.04.19 වන දින මහජන විරෝධතාවය අතරතුර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මා දැඩි සේ කම්පාවට පත් වන අතර ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කණ්ඩායම් කිහිපයකටම උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ අවසන් වූ වහාම ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඔබවහන්සේලා ද සඳහන් කරන පරිදි දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලුම රජයන් වගකිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බැවින්, එයින් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට යම් කාලයක් අප වෙත ලබා දෙන මෙන් ඔබවහන්සේලාගෙන් දෙපා නැමැද ඉල්ලා සිටින අතර ම ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරමි.

සියලු දේශපාලන පක්‍ෂ එකතු කරගෙන වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමථයකට පත් කිරීමට හා අද අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔබවහන්සේලා මැදිහත් වී යම් කිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට යෝජනා කරන්නේ නම්, ඒ සඳහා මාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බැව් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙයට,
ශාසනස්ථිතිකාමී,

ගෝඨාභය රාජපක්ෂ
2022 අප්‍රේල් මස 21 වන දින”

 

 

 

Post Views: 0
Previous Post

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ලැබුණා – ජනපති ලේකම්

Next Post

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved