• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රොෂාන්ට මං තර්ජනය කලේ නෑ – සුදත් චන්ද්‍රසේකර

22 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට තමා කිසිලෙසකින් තර්ජනය කර නොමැති අතර එය තහවුරු කර පෙන්විය හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රොෂාන් රණසිංහට ගොඩ ගත හැකි ක්‍රීඩාවක් නොමැති බවත් ඔහු අද රාජ්‍ය ද්‍රෝහියෙක් බවට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙන්ම වරින් වර නිර්දය ලෙස මා විවේචනය කිරිම සම්බන්ධයෙන් ඔහු සමග සමීපව ඇසුරු කළ අයකු ලෙස තමා අතිශයින්ම කණගාටු වන බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

අද ලංකාවේ අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ක්‍රිකට් ද? රට ආර්ථික අතින් බංකොලොත් වී තිබෙන අවස්ථාවකදී රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂයට ක්‍රිකට් දියුණු කරන්නට එක්වන ලෙසට ආරාධනා කරනවා දැකගැනීමට හැකි ය. එමෙන් ම විපක්ෂ නායකවරයා ද රටේ ප්‍රධානම ප්‍රශ්නය ක්‍රිකට් ලෙස හිතාගෙන කටයුතු කරනු ද දැක ගත හැකි ය.
කඩා වැටුණු රට ගොඩනගන්නට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමග එක් ව ක්‍රියාකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නොහැකි මන්දැයි නිතැතින් ම නැගෙන ප්‍රශ්නයකි. තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් හරියාකාර ව ඉටු කර ගැනීමට නොහැකි ව රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් ඉතා දුෂ්කර ජීවිත ගෙවන බව නොරහසකි. සමහර අයට ආහාරපාන සපයා ගැනීම පවා දුෂ්කර වී ඇත. හරිහමන් රැකියාවක් නොමැතිව අනාගතය ගැන බලාපොරොත්තු සුන් වී තරුණ තරුණියන් අන්ත අසරණ වී ඇත. බොහෝ පිරිසක් රට හැර ගොස් ඇති අතර තවත් පිරිසක් රට හැර යන්න උත්සාහ කරමින් සිටී. රට ලෝකයට ම ණය වී ඇත. එම ණය පියවීම සඳහා, ඩොලර් ආදායම වැඩිකර ගැනීම ට ක්‍රමවේද හඳුනාගෙන නැත. ජීවන ප්‍රශ්න වැඩි වී නිමක් නැති ප්‍රශ්නවලින් ජනතාව මානසිකව කඩා වැටී ඇත. අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, කෘෂිකාර්මික ප්‍රශ්න, ගොවියන්ගේ, ධීවරයින්ගේ කම්කරුවන්ගේ ප්‍රශ්න. මේ කී නොකි දහසකුක් ප්‍රශ්නවලට වඩා වැදගත්ම ප්‍රශ්නය ක්‍රිකට්ද? නිරන්තරව නැගෙන ප්‍රශ්නය එය යි.

රටේ ජාතික ප්‍රශ්නයක දි, ගොවි ජනතාවගේ කාබනික පොහොර ප්‍රශ්නයක දි විපක්ෂය සමග එක්ව ජනතා ගැටඵ විසදන්නට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට ජනතාවගේ දුක් වේදනා ගැන හැගීමක් තිබු‍ණේ ම නැද්ද? දැන් රටේ ලොකුම ප්‍රශ්නය ක්‍රිකට් කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ හැමදාම කථා කරනවා. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසර දෙකේදි ජනතා ප්‍රශ්න වෙනුවෙන් දින කීයක් පාර්ලිමේන්තුවේ දී කථා කර ති‍බේ ද? මෙම තත්වය දැන් ජනතාවට හිසරදයක්, කරදරයක්, පිළිකුලක් බවට පත් ව ඇත.

අප සියඵමදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නෙමු. ඒ ගැන කිසිම විවාදයක් නැත. ක්‍රිකට් දියුණු කර ජයග්‍රහණය කල විට ඉහත ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙනවා නම් අපි සියඵ දෙනාම ක්‍රීඩා ඇමතිවරයා සහ විපක්ෂය සමග එක්ව ක්‍රිකට් දියුණු කිරීමට පෙළගැසෙමු. නමුත් ජයපරාජය දෙකම අප භාරගත යුතුයි. ගරු ක්‍රීඩා ඇමතිතුමනි, ලෝක කුසලානයෙන් අවසන් තරගය තෙක් අපරාජිතව සිට අවසන් මහ තරගයේ දි ඔස්ටේලියාවට පරාජයට පත් වූ ඉන්දියාවෙත් ක්‍රිකට් පාලක මණ්ඩලය ද, එසේ නම් වහාම විසුරුවා හැරිය යුතු ද?
ක්‍රීඩා අමාත්‍යවරයාට බොර දියේ මාලු බාන්නට අවශ්‍ය වූ බවත්, මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසත් හැගේ. ඉන්දියාව ඉදිරියේ ලංකාව පරාජය වන තෙක් බලා සිට ජනතාව නොමග යවා වැරදි ජනමතයක් ඇති කර තවත් අරගලයක් නිර්මාණය කර රජය පෙරලා දැමීමට උත්සාහ කළ බවක් ද දැකගත හැකි ය. තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදි හදිසියේ, කඩිමුඩියේ, මහා රාත්‍රියේ, හොර රහසේ ගැසට් එකක් මගින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලද්දේ මේ ‍හේතුවෙනි. ඒ අනුව ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දමා ඉතිරි තරග දෙකත් පරාජය කරවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා අනිවාර්යෙන්ම බාරගත යුතු යි.

මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව කියන්නට හේතු වූ දෙවෙනි කාරණය නම් ආසියානු සහ ඉන්දිය ක්‍රිකට් පාලක සභාවේ සභාපති දේ ෂා මහතාව නිර්දය ලෙස විවේචනය කිරීම යි. ඉන්දියාවේ බලවත්ම අමාත්‍යවරයෙක් වන අම්රිත් ෂා යනු දේ ෂා ගේ පියා බව ඔහු හොඳින් දන්නා කරුණකි. ඉන්දීය අගමැති මෝදි මැතිතුමාගේ දකුණු අත දේ ෂාගේ පියා යැයි කිවහොත් එය වඩාත් නිවැරදි වේ. මෙම දේ ෂා නමැති අය රොෂාන් ඇමතිතුමා විසින් ඉතාම නිර්දය ලෙස විවේචනය කරන හේතුව අපේ අසල්වැසි මිතුරාව යම්කිසි ආකාරයකින් උසිගැන්වීම් කර, රාජතාන්ත්‍රික බැදිම් බිද දමා, දේශපාලන වාසියක් ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් බව පැහැදිලියි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ඔහුට ඇතැයි කියන රාජ යෝගය නිසා ඔහු සිහින මවමින් සිටී. විපක්ෂ නායකවරයා ද ක්‍රීඩා ඇමතිවරයාව බළල් අතක් ලෙස පාවිච්චි කරමින් සිටින අතර මේ දෙදෙනාට ම ඇත්තේ බොළඳ සිහින බව පැහැදිලි කරුණකි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගණුදෙනුවල ගැටලු සහගත තැන් තිබුණා නම් ක්‍රීඩා ඇමතිවරයාට කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීම යි. නමුත් ඔහු කළේ ජනාධිපතිවරයාවත්, ඔහුගේ කාර්යය මණ්ඩලයත් චූදිතයෝ බවට පත් කර වීරයෙක් වීමට උත්සාහ දැරීම යි. ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී තිබුණේ විගණන වාර්තාවේ පැන නඟින ගැටඵකාරි විගණන අවස්ථාවන් නිරීක්ෂණය කර අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට වාර්තා කොට ඉන්පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් නීතිමය පියවර ගන්නා ලෙස හා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටින ලෙස යි.


ඒ අනුව මෙම විගණන වාර්තාවේ නඩු පැවරිය හැකි නඩු නිමිති තිබේ නම් නීතිපතිවරයා හරහා අදාල නඩු සදහා දැනටමත් නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිය දි, තම බොලඳ සිහිනය වෙනුවෙන් ඇමතිවරයා කළේ ජනාධිපතිවරයා නොසලකා හැර, තම පටු බොලඳ අරමුණු වෙනුවෙන් ගැලරියේ චන්ඩියෙකුගේ චරිතයට පණ පෙවීමයි. ඒ සදහා ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට විපක්ෂ නායකවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම යි. විපක්ෂයේ අතකොඵවක් බවට රජයේ ඇමතිවරෙයකු පත්වීම කනගාටුවට කරුණකි.

අද එහි ප්‍රතිඵලය ‌ලෙස ආණ්ඩු පක්ෂය විසින් ක්‍රීඩා ඇමතිවරයාව නොසලකා හැර ඇත. ක්‍රීඩා ඇමතිවරයා බලහත්කාරයෙන් මන්ත්‍රීවරු සමඟ කතාබහ කරන්න ගියත් මන්ත්‍රීවරු ඔහුව මඟහැර යමින් සිටීන බවද වාර්තාවේ.

විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියා මාර්ගයට යොමුව වරදකරුවන්ට දඩුවම් කල යුතු ය. එහි කිසිඳු තර්කයක් නොමැත. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. යම් අයෙකු හොරෙකු, දූෂිතයකු යයි නම් කල හැක්කේ අධිකරණයකින් එම චෝදනාවන්ට වැරදිකරුවකු බව තීන්දු කලහොත් පමණි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරුන් ලෙසට හඳුන්වමින් බව අමතක නොකල යුතු ය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු බව තේරුම් ගත යුතු වේ. එසේ නම් ඔබත් හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක්ද?

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට මා හට මෙන්ම සාගල රත්නායක මහතාටත් , ෂම්මි සිල්වා මහතාටත් විරුද්ධව, අපගෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙන බව වාර්තා වේ. එහෙත් මා කිසිලෙසකින් එතුමාට තර්ජනය කර නොමැති අතර එය තහවුරු කර පෙන්විය හැකි ය. චෝදනා කරනු ලබන අනෙක් අය ද එවැනි තර්ජනයක් ඇමතිතුමා වෙත එල්ල කර ඇතැයි මම නො සිතමි.

ක්‍රීඩාවේ දී තිබිය යුතු මූලික ගුණාංග ඉවසීම, කණ්ඩායම් හැඟීම සහ නායකත්වයට ගරු කිරීමයි. නමුත් තමාගේ නායකයා, රටේ නායකයා පමණක් නොව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ තවත් බොහෝ අමාත්‍යවරුන් මෙම ක්‍රීකට් අර්බුදය සම්බන්ධයෙන් එතුමාගෙන් කළ ඉල්ලීම්, එතුමා නොසලකා හැර හිතුවක්කාර ආකාරයෙන් ක්‍රියා කිරීම රජය පෙරලිමට කුමන්ත්‍රණය කිරීමක් ලෙස සැලකිය හැකි ය.

පසුගිය වසරේ ඩුබායිහි පැවති ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට හා පාපන්දු සහ රගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සදහා තමන්ගේ හිතවතුන් දමා ගැනිමේ වැඩපිලිවෙලක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කරන ලදි.

හොරු බලවත් යැයි කියමින් මෙම ප්‍රධාන සංගම්වල ප්‍රධාන නිළධාරින්ට එරෙහිව ජනමතයක් ඇති කිරීමට උත්සාහ කරන ලදි. පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඔහු දූෂිතයෙක් බව හගවමින් ඡන්දයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඔහුට අහිමිකරමින් තමාට හිතවත් ශ්‍රී රංගා යන අයව කෙසේ හෝ ජාතික පාපන්දු සංගමයේ සභාපති ලෙස පත් කර ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසට ජාත්‍යන්තර තහනමකට පාපන්දු ක්‍රීඩාව ලක්විය. ඉන් වසරකට පසුව නැවත වරක් හොරු බලවත් යයි අපහාස කරන ලද ජස්වර් උමාර් මහතාව ම නිර්දෝෂි පුද්ගලෙයක් බව පිළිගෙන ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති බවට පත් කරන ජාත්‍යන්තර තහනම ඉවත්කර ගන්නා ලදි. එම වර්ෂයේ ක්‍රීඩකයින්ට අහිමි වූ තරගාවලි සහ රටට අහිමි වූ ඩොලර් වටිනාකමට වගකිවයුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා නොවේ නම් වෙන කවුරුන් ද?

අමාත්‍යවරයා පත් වූදා සිටම කෙසේ හෝ අර්ජුන රනතුංග මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති කරවන්නට සැලසුම් කළ බව පැහැදිලි ය. සියලුම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න අවස්ථාව තිබූ නමුත් ගැටලු නිරාකරණය කිරීමට හෝ සාකච්ඡා මාර්ගයට පිවිසීමට අමාත්‍යවරයාට කිසිදු උවමනාවක් තිබුණේ නැත. අද ලංකාවේ ‍ප්‍රධාන ක්‍රිඩා සංගම්, විශේෂයෙන්ම ඔලිම්පික් සංගමය, පාපන්දු, ක්‍රිකට්, රගර්, මලල ක්‍රිඩා, මෝටර් රේස් ඇතුඵ අනෙකුක් සම්ගම්වලින් උසාවියේ නඩු 285 ක් පමණ ක්‍රීඩා අමාත්‍යංශයට විරුද්ධව විභාග වෙමින් පවතී.

මේ සියල්ලටම හේතුව ගැටඵ නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරී ලෙස පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කිරීමයි. මේ අවස්ථාවේදී පවා ක්‍රිකට් ආයතනයෙන් පළි ගැනීමේ චේතනාවෙන් සහ දේශපාලන වාසියක් ලබා ගැනිමේ චේතනාවෙන් ක්‍රියා කරනවා විනා, ක්‍රිඩාව දියුණු කිරීමේ චේතනාවක් අමාත්‍යවරයාට ඇත්තෙම නැති බව පැහැදිලි ය.

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ 4(3) වගන්තිය උල්ලංඝනය කරමින්, නීති විරෝධි ලෙසට තම බලය අයථා ලෙසට භාවිත කරමින් අර්ජුන රනතුංග මහතාව ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත් කර ගන්නා ලදි. ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා පණතට අනුව ක්‍රියා කරන ලෙසට නීති පනවමින් මේ අයුරින් කටයුතු කිරිම හරියට මහ කකුඵවා පොඩි එවුන්ට කෙලින් යන ලෙස පැවසීම වැනි දෙයකි.


තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ ප්‍රතිඵලය අද ඇමතිවරයා භුක්ති විඳිමින් සිටී. ඔහුට ගොඩ ගත හැකි ක්‍රීඩාවක් නොමැත. අද ඔහු රාජ්‍ය ද්‍රෝහියෙක් බවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් මෙන්ම වරින් වර නිර්දය ලෙස මා විවේචනය කිරිම සම්බන්ධයෙන් ඔහු සමග සමීපව ඇසුරු කළ අයකු ලෙස මම අතිශයින්ම කණගාටු වෙමි.

සුදත් චන්ද්‍රසේකර
ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක
2023/11/21

Post Views: 3
Previous Post

කිතුල් පැණි හා හකුරුවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් – ඇමැති අමරවීර

Next Post

අරගයේ ප්‍රධාන සටන් පාඨය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ලබාදුන්නා – එස්.එම් මරික්කාර්

editor

editor

Next Post

අරගයේ ප්‍රධාන සටන් පාඨය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ලබාදුන්නා - එස්.එම් මරික්කාර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved