• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නඩු නවත්වන්න මට බලයක් නෑ : නීතිපති පොලිස්පතිට ලිඛිතව දැනුම්දෙයි !

13 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා  වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) ලිඛිතව දැනුම්දී තිබේ.

ඒ  රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහාලන ලෙස වැඩබලන පොලිස්පති විසින් සිදුකල ඉල්ලීමට පිළිතුරු දෙමින්ය.

අධිකරණය ඉදිරියේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත්, එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් එහිදී  අවධාරණය කොට ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පෙබරවාරි මස 03 දාතමින් යුතුව නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ ඉල්ලීම සිදුකල අතර ඊට නීතිපති දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වේ.

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 2020.02.03 දිනැති ලිපිය හා බැඳේ.

ඉහත ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් සාක්ෂි මගින් තහවුරු වී නොමැති අතර, එකී කරුණු විමර්ශනයකටද භාජනය වී නැති බවයි.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක්, අත්හිටුවිය හැකි වනුයේ අධිකරණය නියෝගයකින් වන අතර, එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර  කාර්යයක් වනු ඇති බවද දන්වමි.

පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදුවේද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම, අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යභාරයක් වන අතර, එම කාර්යයෙන් බැහැරව කටයුක්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගෙන් බැහැර කාර්යයක් වනු ඇත.

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට 2008 අංක 16 දරණ කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරීක්ෂණය සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බවද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වැනි ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වැනි දින ලිපියේ සඳහන් කරුණු නිවැරදිව පිළිබිඹු කිරීමක් නොවන බවද මින් දන්වමි.

Post Views: 2
Previous Post

ලකුණේ ප්‍රශ්නය විසඳන්න – “රනිල් – සජිත්” කමිටුවක් !

Next Post

ඉදිරියේදී විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ – විදුලි ඇමැති කියයි

editor

editor

Next Post

ඉදිරියේදී විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ - විදුලි ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved