විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම් යළි සිය රටවල් බලා පිටත් කර හැරීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පක්ෂපාතීව කටයුතු කරන බවට දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ක්විටන් ඩි කොක් චෝදනා කරයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් සීමා වී ඇති පසුබිමක, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට පෙර එංගලන්ත කණ්ඩායම දිවයිනෙන් පිටත් කර හැරීමට කටයුතු කිරීම මෙම විවේචනයට හේතු වී තිබේ.
ඩි කොක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රශ්න කර සිටියේ තමන්ට පෙර තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම් තවමත් ඉන්දියාවේ රැඳී සිටියදී, පසුව ඉවත් වූ එංගලන්තයට පමණක් කඩිනමින් පිටව යාමට අවස්ථාව ලැබුණේ කෙසේ ද යන්නයි. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් සහ කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී ද මෙම ප්‍රමාදය පිළිබඳව සිය නොසතුට පළ කර ඇත. මේ වන විට ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද (08) අහමදාබාද්හිදී පැවැත්වෙන අතර, අනෙකුත් කණ්ඩායම් හෙට දිනය තුළ විශේෂ ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ICCය සැලසුම් කර තිබේ.














