ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලදී කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ. එහිදී එක් ස්ථානයක් ඉදිරියට පැමිණි වනිඳු හසරංග ලෝකයේ පස්වන ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට සමත් විය. එමෙන්ම මහීෂ් තීක්ෂණ ද ඉතා සාර්ථක දක්ෂතා පෙන්නුම් කරමින් ස්ථාන 5ක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අකිල් හොසෙයින් සමඟ 15 වන ස්ථානයේ සමතැන් ගෙන සිටියි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකු මෙලෙස ලෝකයේ මුල් පස් දෙනා සහ මුල් පහළොස් දෙනා අතරට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මහත් අභිමානයක් ගෙන දෙන්නකි.













