අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 255ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ලෝක ශූරතාවය දිනා ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 256කි.
ඉන්දීය ඉනිම ශක්තිමත් කළ සංජු සැම්සන් පන්දු 46කදී ලකුණු 89ක් රැස් කළ අතර, අභිෂේක් ෂර්මා සහ ඉෂාන් කිෂාන් වේගවත් අර්ධ ශතක ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ. මෙය T20 ලෝක කුසලාන අවසන් මහා තරගයක කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඉතිහාසයට එක් වේ.
නවසීලන්ත පන්දු යවන්නන් හට ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරය හමුවේ දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවූ අතර, දැන් ඔවුන්ට මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය පැවරී ඇත. ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාගත හඹා යාමක් සිදු කිරීමට නවසීලන්ත පිතිකරුවන්ට මෙහිදී සිදුවනු ඇත.














