ලෙබනනයේ බීරූට් (Beirut) අගනුවර ඉලක්ක කර ගනිමින් තමන් විශේෂ ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) නිල වශයෙන් තහවුරු කර තිබේ. තම නිල ‘X’ ගිණුම හරහා මෙම පුවත ප්‍රකාශයට පත් කරමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ මෙම මෙහෙයුම බීරූට් නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුකළ බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබඳව හෝ එහි නිශ්චිත ඉලක්කය කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කර ගනිමින් මෑතකාලීනව එල්ල වූ ප්‍රහාර මාලාවේ තවත් පියවරක් ලෙස මෙය සැලකෙන අතර මෙම තත්ත්වය හමුවේ බීරූට් නගරය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පවතී.












