දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් චෞරයන් වශයෙන් කටයුතු කරයි නම් ඒවා පෙන්වා දෙන්න මාධ්‍යයට කොන්දක් තිබිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු ප්‍රාදේශිය සේවයේ නිරීක්ෂණ චාරිකාවක එක්වෙමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” මේ වන විට ලංකාවෙ ගුවන් විදුලියට අවුරුදු 96 ක්. 21 වන ශත වර්ෂයේ තුන්වන දශකයේ ඉන්න අපි, 20 වන ශත වර්ෂයේ ලංකාවෙ ගුවන් විදුලියත්, 19 වෙන සියවසේ ලෝක ගුවන් විදුලියත් තේරුම් ගත යුතුයි. එදා ගෙදර සාලෙ තිබ්බ වටිනාම භාණ්ඩ වලින් එකක් ගුවන් විදුලිය, මෙය පන්තිය නියෝජනය කළ සුඛෝපභෝගී භාණ්ඩයක්. නමුත් අද තත්ත්වය වෙනස්. අද ගුවන් විදුලිය හෝ රේඩියෝව කියල භාණ්ඩයක් නෑ. එය සංඛ්‍යාතයක් / තරංගයක් විතරයි. මේ යථාර්ථය අප තේරුමගත යුතුයි. ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන නාළිකා වලට අමතරව ප්‍රාදේශිය නාළිකා රාශියක් තියෙනවා. මෙය ප්‍රජා ගුවන් විදුලියක් බව තේරුම්ගත යුතුයි. ප්‍රාදේශිය ගුවන් විදුලි සේවා අතරින් වැඩිම ව්‍යාප්ති වපසරියක් නියෝජනය කරන්නෙ, රුහුණු සේවය. කළුතර සීමාවේ සිට බදුල්ල දක්වා වූ එම කලාපයේ ජනතාවගේ සංස්කෘතිය, සභ්‍යත්වය, ආර්ථික රටාව තේරුම්ගෙන රුහුණ සේවය ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය මාධ්‍ය ගැන එම මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ, මැති ඇමතිවරුන්ගේ හා ජනතාවගේ අදහස වී තිබෙන්නේ, ආණ්ඩුවේ ප්‍රශස්ථ ගායනා කිරීම විතරයි කියලා. ප්‍රජා ගුවන් විදුලියක් වශයෙන් මේ තත්ත්වය තෙරුම්ගත යුතුයි.
ගුවන් විදුලි සංස්ථාවේ නාළිකා සියල්ලට ම මහා භාණ්ඩාගාරය වාර්ෂිකව රුපියල් මිලියන 24 ක් වැය කරනවා. උපයන්නේ රුපියල් මිලියන 04 ක් විතරයි. මෙය ජනතාවට බරක් නොවන ආයතනයක් විය යුතුයි. එසේ ම රාජ්‍ය මාධ්‍යයේ ප්‍රධාන වගකීම ලාභ ඉපයීම නොව ජනතාව දැනුවත් කිරීම සඳහා නිවැරදි තොරතුරු ලබාදීම බව මා යෝජනා කරනවා. එමගින් අධ්‍යාපනය, සෞන්දර්යය ජනතාවට ළඟාකර දිය යුතුයි. දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් චෞරයන් වශයෙන් කටයුතු කරයි නම් ඒවා පෙන්වා දෙන්න ඔබට කොන්දක් තිබිය යුතුයි. ඇමතිවරයා වුව ද විවේචනය කළ හැකියි. මං පත්තර කාරයෙක් කියල මං ආඩම්බරයෙන් කියනවා. අපි පත්තර කාරයො වශයෙන් ඇත්ත කිව්වා. බෝල්පොයින්ට් පෑනයි මරණ සහතිකයයි විතරයි එදා අපට තිබුණේ. මේ රටේ දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකු ම තෑග්ග, කාබනික ගොවිතැන. ඒක ජනාධිපතිතුමා දුන්නා. තෑග්ග වුනත් බය කළාම ජනතාව ඒ ගැන බය වෙනවා. ඒ ගැන නිවැරදි තොරතුරු ම ජනතාවට දෙන්න ඕන. ඒ නිසා මාධ්‍ය සාක්ෂරතාව ඉතාම වැදගත්.
පසුගිය වසරේ උසස් පෙළ කළ දරුවන්ගෙන් 22000 ක් විතර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගත්තා. පාසල් 3042 ක පාසල් මාධ්‍ය කව හදන්න, අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම වරළත් මාධ්‍යවේදියෙක් බිහි කරන්න, වරළත් මාධ්‍ය ආයතනයක් බිහි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සෑම මාධ්‍ය ආයතනයක් ම පාසල් මාධ්‍ය කව භාරගෙන කටයුතු කළ යුතුයි. එක් එක් පාසල්වල මාධ්‍ය කව මෙහෙයවීමේ වගකීම ඔවුන් භාරගෙන කටයුතු කරාවි. අදාළ මාධ්‍ය ආයතන පාසල් දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට අවස්ථාව සලසා දියයුතුයි. දරුවන්ට මුල් තැන දෙන සමාජයක් බිහි කරන්න, දරුවන් මුල්කරගත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න, දරුවන් වින්දිතයන් කරන සංස්කෘතියක් වෙනුවට දරුවන් දැනුවත් කරන සංස්කෘතියක් බිහිකරන්න හැකියාව ලැබේවා. අසන්නා, පාඨකයා, ප්‍රේක්ෂකයා අතර තිබෙන සබඳතාව වඩාත් තේරුම්ගත යුතුයි. එය ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තිබෙන සබඳතාව සේ විය යුතුයි.ගාල්ලේ සිට බදුල්ල දක්වා දමිළ භාෂාව තේරුම් ගතහැකි පිරිස විශාලයි. රුහුණු සේවයේ යම් ඉඩක් දමිළ භාෂාව කතාකරන දරුවන් වෙනුවෙන් වෙන් කිරීමට යෝජනා කරනවා. යැයි අමාත්‍යවරයා එහිදි පවසා සිටියේය. මාවතගම මහතා ද කතා කළහ.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන නාහිමිපාණන් වහන්සේ, හිටපු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් මහතා, වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්ප කුමාර බැට්ටගේ මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රුහුණු සේවා පද්ම සමාජයේ දූ දරුවන්, රුහුණු සේවයේ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.