• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

පොදු දේපලවලට හානි කලොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා – ඇමැති සරත්

2 April 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් ඇති නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරනවා නම් පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කල විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.

මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ වගකීම; නීතිය හා සාමය රැකීම සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එක. අපි දන්නවා ගෑස්, විදුලිය,ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා.
මෙම තත්ත්වය උදාවීම ගැන රජයක් වශයෙන් වගකීමෙන් බැහැර වෙන්න බැහැ. බැහැර වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණ තියනවා, රැළි පවත්වනවා. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක රජය විසින් කිසිසේත්ම උදුර ගන්නෙ නැහැ. නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරනවා නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා කියන එක ඉතා පැහැදිලිව මම කියන්න කැමතියි.

පොලීසියට උපදෙස් දීල තිබෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටින අය හඳුනා ගන්නා ලෙසත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ටත් හිරිහැරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙස මම පොලීසියට උපදෙස් ලබා දීල තියෙනවා.

පොලීසිය කරන්නෙ තමන්ගෙ රාජකාරිය. මිරිහාන සිද්ධියේ දේපල හානිය රුපියල් ලක්ෂ 390 ක්. ඒ සම්බන්ධයෙන් රාජකාරී කරන්න ගිහින් මගේ පොලිස් නිලධාරීන් 17 ක් බරපතල තුවාල ලැබුවා. සමහරු තුවාල කරගෙන තවමත් රෝහල් ගතව සිටිනවා. ඔවුන් තුවාල කරගෙන, අපහාස විඳගෙන කඩාකප්පල්කාරීන්ගෙන් බැණුම් අහගෙන ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ගේ එම රාජකාරිය පිළිබඳව අවබෝධයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව රජය හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ. ලෝකයේ බොහෝ රටවල් මේ හා සමාන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රජය මේ ප්‍රශ්න විසඳීමට කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් දැනටමත් හදල තියෙනවා. ඒ සැලසුම් පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කඩා කප්පල්කාරීන්ගේ යෝජනාවලට රැවටෙන්න එපා. නීතිය හා සාමය රකින ගමන් ජනතා ප්‍රශ්න විසඳීමට රජය බැඳී සිටින බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව ජනතාවට කියා සිටිනවා. අමාත්‍යවරයා පැවසිය.

Post Views: 0
Previous Post

S4IG ව්‍යාපෘතියේ දෙවන අදියරය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

Next Post

ඕෂධ ICTA සභාපති ධුරයෙන් අස්වෙයි… සියළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

editor

editor

Next Post

ඕෂධ ICTA සභාපති ධුරයෙන් අස්වෙයි... සියළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved