• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට දියුණු තැනකට යොමුකරන්න තිබුණා මේ කුමණ්ත්‍රනකරුවෝ නොහිටියානම් – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

21 March 2024
in දේශීය, පුවත්
නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම කුමණ්ත්‍රනයේ දෙවෙනි මුහුණුවර ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්ෂ ක්‍රමය විනාශ කරන, ජාතික නායකයෝ, මහජන නියෝජිතයෝ, රටේ උගතුන් බුද්ධිමතුන් අවතක්සේරු කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “රාජ්‍ය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙනවා. අපි පහුගිය අරගලේ දැක්කේ මෙහි පිළිඹිබුවක්. ඊට වඩා භයානක රාජ්‍ය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතිනවා. අපි දැක්කා 1971,1987, 1983, පහුගිය අරගලය මේ රාජ්‍ය පැහැර ගැනීමේ කුමණ්ත්‍රන දියත් වෙන අවස්ථාවන් විදිහට. හැබැයි දැන් මේ රාජ්‍ය පැහැරගැනීමේ කුමණ්ත්‍රනයට හවුල්වෙලා තිබෙන්නේ වට්ටි තාත්තලා. මේ පිරිසට විශාල පිරිසක් එකතුවෙලා ඉන්නවා. සමහරක් පිරිස් අලුත් සන්ධාන ගොඩනගාගෙන තිබෙනවා. තව පිරිසක් ඒ නම වෙනුවට වෙන නමක් භාවිතා කරනවා. දැන් අපි මානූෂියයි කියලා වෙනම පෙරමුණු හදාගෙන සිටිනවා. ඉතිහාසයේ දකින්න ඇති 2004,2005,2010,2015 කාල සීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. අමාත්‍යාංශවල කටයුතු භාරගත්තා. ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්කහු වුණා. ජේවිපි කියන එක දැන් වෙන නමකින් සමාජගත කරලා තිබෙනවා. මම කියන ‍මේ මුහුණුවර මේවා. එක්ව සටන් කරනවා වෙනුවට බෙදී වෙන්වී සටන් කරමු අවසාන ඉලක්කය රාජ්‍ය පැහැර ගැනීම. හිට්ලර් බලයට ආවෙත් මේ විදිහට රටපුරා ගිහිල්ලා දුප්පත්කම, විරැකියාව, නූගත්කම වගේ ලේසියෙන් විකුණන්න පුළුවන් සමාජ ප්‍රශ්න විකුණලා. දෙවෙනි ලෝක යුද්ධය ඇතිවෙච්ච බලපෑම තවම තිබෙනවා. ලෝකයේ සමහර රටවල් දෙකඩ බෙදුණා. ඒ නිසා අපිට අද තිබෙන බැරෑරුම් ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරගන්නේ කියලා. මුහුණු පොතේ සටන් පාඨ කියන ආදරණීය දරුවෝ තේරුම් ගන්න ඇත්ත මේකයි. මේ රට මීටවඩා වෙනස් තැනක තිබෙන්න තිබුණා පහුගිය අවුරුදු හැත්තෑ පහ තුළම හිටපු මේ කුමණ්ත්‍රනකරුවෝ රටේ නොහිටියානම්.

මේ කුමණ්ත්‍රනයේ දෙවෙනි මුහුණුවර මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන, බහු පක්ෂ ක්‍රමය විනාශ කරන, ජාතික නායකයෝ, මහජන නියෝජිතයෝ මේ රටේ උගතුන් බුද්ධිමතුන් හෑල්ලු කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. 225 ම එපා කියන 225ට අයත් පිරිස අද අපේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරනවා. ඒ පිරිස අහනවා මහජන නියෝජිතයෙක්ට තිබෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වීමට තිබෙන ප්‍රධානම සුදුසුකම තමයි මහජනයාගේ තේරීම. මහජනතාව තමන්ගේ නියෝජිතයෙක් විදිහට කෙනෙක් පත්කරලා එවනවානම් ඒ කෙනා පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඕනෑම වගකීමක් දරන්න සුදුස්සෙක් බවට පත්වෙනවා. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය කීයට ඉස්කොලේ ගියාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් එතුමිය ලෝකයේ මුල්ම අගමැතිවරිය. එතුමිය ඉතිහාසයක් වෙනස් කළා. අද අපි කතා කරන රාජ්‍ය ව්‍යවසායන් බොහෝමයක් එතුමියගේ කාලයේ ආරම්භවෙච්ච ඒවා. යුගයක් නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා නීතිඥයෙක්. ඒ නිසා අමාත්‍යවරයෙක් හෝ කාරක සභාවේ සභාපතිවරයෙක් හරි වෙන්න හැමෝටම උපාධි තියෙන්න ඕන කියලා එකක් නැහැ. තිබෙන්න ඕන එකම සුදුසුකම තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න තිබෙන හැකියාව. මේ හැමකෙනෙක්ම අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ කටයුතු කරපු අය. ඒ නිසා මේ රාජ්‍ය විනාශ කිරීමේ දෙවෙනි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ ජාතික නායකයෝ විනාශ කිරීමයි. මහජන නියෝජිතයෝ අගෞරවයට පත්කරනවා. මෙයට උඩගෙඩි දෙන්න එපා.

මේ දවස්වල පුදුමාකාර ජනමත විමසුම්, විමර්ෂණ, පර්යේෂණ පත්‍රිකා එළියට එනවා. ඒ නිසා සමහරක් පිරිස ජනාධිපතිවරු වෙලා ඉවරයි. හැබැයි මේ එකම සමීක්ෂණයකවත් සමීක්ෂණය කරපු ආකාරය පිළිබඳව, ක්‍රමවේදය පිළිබඳව සඳහනක් නැහැ. මේ සමීක්ෂණයට භාජනය කරන්නේ මේ කිසිම කෙනෙක්ගේ වැඩපිළිවෙල නොවේ. අපි අදටත් දවසට රුපියල් බිලියන අටක් ණයට අරගෙන තමයි දවස ගෙවන්නේ. මේකට තිබෙන උත්තරය මොකක්ද? කඩාවැටුණු සුළු සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවෝ අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒ නිසා අද මේ රටේ ජනගහනයෙන් 60% ක් විතර බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. අනිත් 40% තමන්ගේ පක්ෂයේ පාඨ, ලාංඡනය පපුවේ කොටාගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනි සිටිනවා. අපි කියන්නේ මේ සමීක්ෂණවලට දාන්න තමන්ගේ වැඩපිළිවෙල. අපි නතරකරමු තවදුරටත් මේ දූප්පත්කම, විරැකියාව, මංදපෝෂණය, කුලය, ධනය, සමාජ තත්වය මැතිවරණ වේදිකාවලට ජනතාව ආකර්ශනය කරගන්න එක. එකම කණ්ඩායම රටපුරා අරගෙන ගිහිල්ලා අපිට ලොකු පිරිසක් ඉන්නවා කියලා පෙන්වලා මිනිස්සු මුලා කරන එක අපි නතර කරමු. ඊටවඩා යහපත් වැඩපිළිවෙල කියලා, සමීක්ෂණය ක්‍රියාත්මක කරන එක. මේ රට ඉදිරියට ගන්න අලුත් විකල්ප හදුනාගන්න අපිට සිද්ධවෙලා තිබෙනවා. අපේ රටේ දුප්පත්කම, විරුකියාව, මංදපෝෂණය කඩිනමින් තිරසාර ලෙස විසදාගත යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට කලින් කල උත්තර අරගෙන ආවා. මුලින්ම අපි ජනපදකරණ ව්‍යාපාරය අරගෙන ආවේ. ඉඩම් වැඩියෙන් තිබෙන ප්‍රදේශවලට ඉඩම් හිඟයෙන් පෙලෙන මිනිස්සු ගෙනල්ලා පදිංචි කෙරුවා. මහවැලිය හැරෙව්වා. පෞද්ගලික අංශ ඉඩම් රජයට ගත්තා. රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කළා. අපේ ප්‍රශ්න විසඳුනාද? නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඩිජිටල් යුගයක් ආරම්භ කළා. මහින්දෝද විද්‍යාගාර, නැණසල, තාක්ෂණික විද්‍යාගාර ආරම්භ කළා. එයට 2015 යහපාලන ආණ්ඩුව බෝඩ් එක ගලවලා ඒ වැඩපිළිවෙලින් පළිගත්තා. අන්තිමට ඩිජිටල් යුගයට යන්න තිබුණු අවස්ථාව නැති වුණා. අද අපේ කලාපයේ රටවල් බොහෝමයක් කාසි හා නෝට්ටු වෙනුවට භාවිතා කරන්නේ QR Code එකක් භාවිතා කරන්නේ. අපිට අහලකින්වත් යන්න පුළුවන්කමක් තිබෙනවද? ඒක නිසා මේ පරිගණක යන්ත්‍ර 05 ක් දිලා, එක ඩිජිටල් ස්ක්‍රීන් එකක් දීලා , පංති කාමර ලක්ෂයක් තිබෙන රටක ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කෙනෙක් හිතෙනවා නම් ඒක විහිලුවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට ඉදිරියක් තිබෙනවා නම් තිබෙන්නේ අපි සමස්ථය ආවරණය කරන ආකාරයට මේ රටේ හැම ප්‍රශ්නකට උත්තර ලැබෙන සංවර්ධන වැඩපිළිවෙලක් යෝජනා කළොත් පමණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි එවැනි සමස්ථය ආවරණය කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තිබෙන්නේ. අපේ පක්ෂය තමයි අත්දැකීම් බහුල, කරලා පෙන්නපු නායකයෝ ඉන්නේ. ඒ නිසා පුංචි පුංචි ගල්කැටවලින් ගහන්න එපා. සිංහයෝ අවදි වුණොත් ප්‍රශ්නය මීට වඩා ලේසියට බේරගන්න වෙන්නේ නැහැ.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9,554
Previous Post

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

Next Post

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජය වෙයි 

editor ttvnews

editor ttvnews

Next Post
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජය වෙයි 

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජය වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved