• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික ප්‍රශ්නයට හරියට මුහුණ නොදුන්නොත් 225 ටම ආපසු ගුටිකන්න වෙනවා – මන්ත්‍රී වජිර

16 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ පවතින ආර්ථික අර්බුදයට සියලුදෙනා බෙදිලා ගහගන්නෙ නැතිව මේ ප්‍රශ්නයට හරියට මුහුණ නොදුන්නොත් මේ 225 ම ආපසු ගුටිකන තැනට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද (16) දින පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

” ගරු සභාපතිතුමනි,

මේ දින කිහිපයේදී අපට අවස්ථාව ලැබුණා අපේ මහජන නියෝජිතයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න. තවමත් අපේ ඛේදවාචකයේ අවසන් වීමක් පේන්න නැහැ. අපිට පේනවා තවදුරටත් මේ අයවැය විවේචනය කරමින්, එහෙම නැතිනම් ඉතිහාසයේ අයවැයන් විවේචනය කරමින් තවදුරටත් අපි බෙදෙන්න හදන්නෙ, වෙන්වෙන්න හදන්නෙ, වැනසෙන්න හදන්නෙ, නැතිවෙන්න හදන්නෙ.

මම හිතනවා ජාතියක් හැටියට අපි සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණා. බංකොලොත් වෙච්ච එකේ වගකීම මේ 225 ම සතුයි. කාටවත් එයින් පැනලා යන්න බැහැ. ඉතිහාසය පුරා සිටි විවිධ බලවේග සියල්ලම මේ සඳහා වගකිව යුතුයි. කවුරුහරි ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් මම හිතනවා ඒක සාධාරණ නිදහස් වීමක් නෙමෙයි කියලා.

ඒ නිසා වර්තමාන මුදල් ඇමතිතුමා ජනාධිපතිවරයා හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියට අවධානය යොමු කරලා මේ අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන් 27 වෙනි වගන්තියේ සඳහන් වෙනවා, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියන පිටුව.

මේ පිටුවේ පළවෙනි වාක්‍යයේ සඳහන් වෙන්නේ, මෙහි ඇතුලත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදී ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුශාසනයේ දී ද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේය“ කියලා තමයි මේ පිටුව ආරම්භ කරන්නේ.

ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමු කරලා මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා, 27, 28, 29 කියන වගන්ති ආරක්ෂා කරමින්. 29 වෙනි වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. මං හිතනවා මේක පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඉතා වැදගත් කියලා.

29 වගන්තියේ කියනවා, මේ පරිච්ඡේදයේ විධි විධාන හේතුකොට ගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේ ය. නීතියෙන් කිසිම බැඳීමක් නැහැ. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය. තවද, මේ පරිච්ඡේදයේ විධි විධාන අධිකරණයක් හෝ විනිශ්චයාධිකරණයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. එම විධාන වලට අනුකූලව කිසිම ප්‍රශ්නයක් කවර හෝ අධිකරණයකට හෝ විනිශ්චයාධිකරණයකට ඉදිරිපත් කළ නොහැක්කේ ය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ එහෙමයි.

දැන් මේ පිටු දෙකේ තිබෙනවා කාරණා, මම ඒවා සියල්ල කියන්න යන්නෙ නැහැ. මේකෙ කියලා තිබෙන්නේ මූලික අයිතිවාසිකම් සහ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි 29 වෙනි වගන්තියෙන් පැහැදිළිව කියන්නේ කිසිම අධිකරණයකට යන්නත් බැහැ, කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්නත් බැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මම හිතනවා මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනිත් සියල්ලම වෙනවා.

දැන් බලන්න පසුගිය කාලයේ අපි දැක්කා මේ සභාවේ සිදුවන ක්‍රියාවලියන්. එතකොට ස්ථාවර නියෝගවල සඳහන් වෙනවා, ස්ථාවර නියෝග 91 (ඊ), කිසිම මන්ත්‍රීවරයෙකු විසින් යම් යෝජනාවක දී හෝ විවාදයක දී අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දු දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව සඳහන් කරනු නොලැබිය යුත්තේය කියලා. විනිශ්චය භාජනය වී තිබෙන කාරණයට එරෙහිව රීතිය කඩකරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයෙකුට සිය ආසනයේ අසුන් ගන්නා ලෙස නියෝග කරනු ලැබීමට කථානායකවරයාට හෝ මූලාසනාරූඩ මන්ත්‍රී වරයාට හැකිය.

මම දන්නෙ නෑ අපි පාර්ලිමේන්තුවේ 225 දෙනා තවමත් උත්සාහ කරන්නේ බෙදෙන්න, වෙන්වෙන්න, ගහගන්න. අපි කළ යුත්තේ කුමක් ද, අපි නොකළ යුත්තේ කුමක් ද කියලා මං හිතන්නෙ නෑ අපි 225 දෙනාට කිසිම අවබෝධයක් තිබෙනවා කියලා. ඊට අමතරව කියනවා ස්ථාවර නියෝග 83 (1), විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳීමේ නියුක්ත අන් තැනැත්තෙකුගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේය. දැන් බලන්න පාර්ලිමේන්තුවේ අපි අපේ ක්‍රියාවලිය කරන්නෙත් නැහැ. අපිට අයිති නැති දේවල් අපි කරනවා. අපිට අයිති දේවල් ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නෙ නැහැ.

මේ අයවැය ඉදිරිපත් කිරීමෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ වැටුණු රට ගොඩගන්න. වැටුණු රට ගොඩගන්න ගියාම මේ පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ හිටපු 225 ම ඒ අභියෝගය බාර ගත්තෙ නැහැ. අපි දැක්කා ගෝල්ෆේස් පිට්ටනියේ දී මේ රටේ දේශපාලන පක්ෂවල නායකයන්ට ගහලා එළවනවා. බාරගන්නෙ නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ යම් පක්ෂ නායකයෙක් රැස්වීමක් කැඳෙව්වාම රැස්වීමට එන්නෙත් නැහැ. ඒ අවස්ථාවේදී අර මුහුණු ආවරණ යොදාගෙන මග හැරලා පැනලා යන අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාරගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුවේ මුදල් ඇමති වරයා හෝ කාගෙවත් මුදල් ඇමති වරයා නෙමේ.

එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණාට අද එතුමා ජාතික නායකයෙක් හැටියට තමයි ක්‍රියා කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 134 දෙනෙක් එකතු වෙලා එතුමාව පත් කරගත්තෙ. ඒ ගැන තර්කයක් නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒක අනුගමනය කරලා තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගත්තෙ.

දැන් මේ සියල්ල අමතක කරලා අයවැය ගැන වෙන විස්තරයක් යවනවා අපේ මහජන නියෝජිතයන්. බලන්න ජනාධිපති කාර්යාලය ආරක්ෂාකර ගන්න බැරි වුණා, අගමැති කාර්යාලය ආරක්ෂාකර ගන්න බැරි වුණා. කථානායකතුමාගේ නිල නිවස වට කළා, පාර්ලිමේන්තුව වට කළා, සියලුදෙනා පැනලා ගියා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියට ආවා. මේ අභියෝගය ලේසි අභියෝගයක් නෙමෙයි.

මෙවර ජනාධිපතිතුමා ගෙනල්ලා තිබෙන අයවැය ජාත්‍යන්තරයට එහෙම නැතිනම් අපේ මූල්‍ය ආයතනවලට ඉදිරිපත් කර තිබෙනවා. ඒ මූල්‍ය ආයතන ඒක පිළිඅරගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ඊට අමතරව පාර්ලිමේන්තුවේ ජාතික සභාව පිහිටුවලා වෙනත් යෝජනා අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. දැන් අපි මේ සෑම අවස්ථාවක්ම පැහැර හරිමින් අපි උත්සාහ කරන්නේ අපි එකිනෙකාට අත දික් කරගන්න නම් අපි ආයෙමත් හදන්නෙ සියලු දෙනා ගුටිකන තැනට රට ගමන් කරවන්න.

විකල්ප නැහැ. විකල්පයක් තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධ විකල්පයක් වෙන්න ඕන. දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (1) වගන්තිය තමයි ජනාධිපතිතුමා ශක්තිමත් කළේ. මෙතැන ඉන්නවා ගාමිණි ලොකුගේ මැතිතුමා. එතුමට මතකයි 2000 දී රටේ ආර්ථික ප්‍රශ්නය වැඩි වුණාම, 2001 දෙසැම්බර් මාසයේ අපි බාර අරගෙන ජපානයේ සමුළුවට යන්න හදනකොට ඒ රාජ්‍ය යාන්ත්‍රණය අපේ බෙදීම නිසා, අපේ කුලල් කා ගැනීම නිසා නැවත කඩාගෙන වැටුණා.

ඒ කඩාගෙන වැටෙන අවස්ථාවේ අපි රට බාරගෙන ඉතා අමාරු ප්‍රශ්නයකට තමයි මුහුණ දුන්නේ. ඒ ආරම්භ කරපු අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ හිටියා අලුතින් ආපු මන්ත්‍රීවරු 60 කට වැඩිය. බලන්න 2004 අප්‍රේල් 10 පාර්ලිමේන්තු ඡන්දයේ දී ඒ නවක මන්ත්‍රීවරු 60 දෙනාම පරාජයට පත්වුණා. ඇයි ? අභියෝගයට ලක්වෙලා සිටියේ.

දැන් අදත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා පොහොට්ටුව පැත්තෙන් ගත්තොත් අලුතින් ආපු මන්ත්‍රීවරු 51 ක්. දැන් ඒගොල්ලත් මේ අභියෝගයට මුහුණ දීලා ඉන්නෙ. ඊළඟට විපක්ෂයේ ඉන්නවා අලුතින් ආපු මන්ත්‍රීවරු 15 දෙනෙක්. අනෙක් පක්ෂවල ඉන්නවා 17 දෙනෙක්.

සියලු අලුත් මන්ත්‍රීවරු ඉන්නවා 83 දෙනෙක්. මේ 83 දෙනා විශේෂයෙන් අර පළපුරුදු දේපාලඥයන් මුහුණදෙන ප්‍රශ්නයට වඩා බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ඔවුන් හසුවෙලා මේ අවාසනාවන්ත තත්ත්වයට වගකිමේ ප්‍රධාන ඇපකරුවෝ හැටියට. පළපුරුදු දේශපාලඥයෝ කොහොමත් ඒ අයගේ තත්ත්වය සහ ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා. ඒ නිසා කොහොමත් ඒ අය ආරක්ෂා වෙමින් ක්‍රියා කරනවා.
ඒ නිසා ගරු සභාපතිතුමනි,

මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තිබෙන්නේ අපි ආපසු බෙදුනොත් අපි ආපසු වැනසෙයි. අපි ආපසු කැඩුනොත් අපි විනාශ වෙයි. ඒ නිසා මේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරලා තිබෙන ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (1) වගන්තිය ශක්තිමත් කිරීම සඳහා, වෙනම අයවැය කාර්යාලයක් පනතකින් පිහිටුවලා තිබෙනවා. දැන් එහි ක්‍රියාකාරීත්වය ශක්තිමත් වෙමින් පවතිනවා.

මේ අයවැය කාර්යාලය පිහිටුවන්නෙම 27, 28, 29 වගන්ති ශක්තිමත් කිරීම සඳහායි. දැන් කාටහරි දේශපාලන පක්ෂයකට පුලුවන් නම් මේ ප්‍රශ්නය විසඳන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන නැහැ. ඒ පනතේ සඳහන් කරලා තිබෙනවා, පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් විසඳුම් ලබාදෙන විදිහ. එතකොට රජයට පුලුවන් රජය යන ගමන් මග වෙනස් කරන්න.

එහෙම නැතිව අපි කියන්න ගත්තොත් මේ වැටුප් වැඩි කළ එකත් හොඳ නැහැ, බදු ගන්න එක හොඳත් නැහැ, බදු ගන්න එකට විරුද්ධව අපි පෙළපාලි යනවා, වැටුප් නොදුන්නොත් අපි පෙළපාලි යනවා කියලා, රට නැවත වරක් අර්බුධයකට ලක් වේවී.

ඒ නිසා සියලු වෘත්තිය සමිති එකක් මතක තබාගත යුතුයි. දල වශයෙන් මේ නිදහසින් පසුව අවුරුදු 75 ඇතුළත ත්‍රිලියන ගණනක හානියක් ජාතියට ඔවුන් කරලා තිබෙනවා. වැටුප් වැඩි කළාම විදුලි බිල අඩුකරන්න කියලා පෙළපාලි යනවා. විදුලි බිල අඩු කළාම තව මොකක්හරි හොයාගෙන පෙළපාලි යනවා. දැන් මේ පෙළපාලි සංස්කෘතිය නිසා ශ්‍රී ලංකාව නැත්තටම නැති වෙලා තිබෙන්නේ.
එහෙනම් අපි සියලුදෙනා එකක් මතක තබා ගත යුතුයි. බංකොලොත් වූ රටක අමාරු අවස්ථාවක අයවැයක් ගෙනල්ලා තිබෙන්නේ. මේ අයවැෙයෙන් මහජන සහන විශාල ප්‍රමාණයක් දීලා තිබෙන්නෙ. ඒ අතරේ බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි අදියර නොලැබේවා කියලා.
ගරු සභාපතිතුමනි,
දෙවෙනි අදියර අපිට දෙසැම්බර් මාසයේ දී ලැබුණාම ආණ්ඩු පක්ෂයට සහ ජනාධිපත‍ෙතුමාට පුලුවන් ආපහු තව සහන ටිකක් පෙබරවාරි මාසයේ ලබා දෙන්න. දැන් අපි යන ගමන පැහැදිළියි. අපි යන ගමන සඟවලා නැහැ. අපි යන ගමන ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, චීනයට, යුරෝපයට, සියලු ආයතනවලට දැනුම්දීලා තිබෙනවා. රහසක් හැටියට ගෙනියන්නෙ නැහැ. කාටහරි පුලුවන්කමක් තිබෙනවා නම් ඊට එහා ගිය විකල්පයකින් වැඩසටහනක් ඉදිරිපත් කරන්න අන්න ඒ විකල්ප වැඩසටහන රජයට වැළඳගන්න පුළුවන්.

මං හිතනවා අපි සියලුදෙනා බෙදිලා ගහගන්නෙ නැතිව මේ ප්‍රශ්නයට හරියට මුහුණ නොදුන්නොත් මේ 225 ම ආපසු ගුටිකන තැනට පත්වෙයි.

ඒ නිසා අපි ආපසු ගුටිකන තැනට යන්නෙ නැතිව, සියලු දේශපාලන පක්ෂවලට සමාජයේ දේශපාලනය කරන්න පුලුවන් අයිතිවාසිකම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දීලා තිබෙනවා. එතුමා මුදල් ඇමතිකම කරනවා කියලා සමහර අය කියනවා. එතුමා 2001 අගමැති වුණා, මුදල් ඇමතිකම චොප්සි මහත්තයාට දුන්නෙ. නමුත් මේ වෙලාවේ අභියෝගය බාර අරන් තියෙන්නෙ එතුමා නිසා එතුමා ලෑස්ති වෙනවා ඒ අභියෝගය සම්පූර්ණ කරන්න. මට නම් කිසිම සැකයක් නැහැ අවුරුදු 55 ක පළපුරුද්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වැඩසටහන ජයග්‍රහණය කරනවා. ජාතික නායකයා හැටියට එතුමා ආර්ථිකය නගා සිටුවනවා කියලා පැහැදිළිව මට ප්‍රකාශ කරන්න පුලුවන් යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 2
Previous Post

DFCC බැංකුව Havelock City සාප්පු සංකීර්ණයේ ඩිජිටල් ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කරයි

Next Post

ජනාධිපති කපුටු කාක් වෙලා වංචා ගැන කතා කරන්නෙම නෑ – ආචාර්ය මන්ත්‍රී හර්ෂ

editor

editor

Next Post

ජනාධිපති කපුටු කාක් වෙලා වංචා ගැන කතා කරන්නෙම නෑ - ආචාර්ය මන්ත්‍රී හර්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved