• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාභදායී විදුලිය උත්පාදන ක්‍රමවලට නොගියොත් විදුලි බිල වැඩි කිරීමට සිදු වෙනවා

4 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාරයට අදාළව ගිවිසුමෙහි සඳහන් මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පවසයි.

ෆර්ඩිනැන්ඩු මහතා මේ බව පැවසුවේ යුගදනව් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර ඒ අනුව එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 23 – 24 දක්වා වැඩි වී ඇති බව හෙතෙම පැවසිය.

එසේම ඔහු පැවසුවේ විදුලි පරිභෝජනය ඉහළ ගියද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහි සභාපතිවරයා කීවේය.

අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා කීවේය.

ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.

අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.

වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය. ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය.

ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

 

Post Views: 1
Previous Post

ඉන්දියාවේ සිට ගුවනින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

Next Post

ඉන්දිය පොහොර අස්සේ කෝටි 800 වංචාවක් – හිටපු ඇමැති පාඨලි

editor

editor

Next Post

ඉන්දිය පොහොර අස්සේ කෝටි 800 වංචාවක් - හිටපු ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved