• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් දිනන තුරු ඡන්දය නොතියා ඉන්න නම් කල්පයකට ඡන්දය තියන්න වෙන්නේ නැහැ – අනුර දිසානායක

3 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් දිනන තුරු ඡන්දය නොතියා ඉන්න නම් කල්පයකට ඡන්දය තියන්න වෙන්නේ නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ජාතික ජන බලවේගය හලාවත පැවැති ජන රැලිය අමතමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ඡන්දය පවත්වන්න කියලා අධිකරණය දුන් තීන්දුවත්, ව්‍යවස්ථාවත් නොසලකා ඡන්දයට වෙට්ටු දා තිබෙනවා. රංජන් හිරේ ගියේ අධිකරණයට අපහාස කළා කියලා. එස්.බී. හිරේ ගියේ අධිකරණයේ තීන්දුව බලු තීන්දුවක් කියල කියූ නිසා. දැන් අධිකරණය ලබාදී තිබෙන තීන්දුවට අනුව භාණ්ඩාගාරයේ ලේකම් කටයුතු කරන්නේ නැහැ. හරි නම් නඩු දාන්න ඕනෑ නීතිපති. නමුත් ජාතික ජන බලවේගයේ අපි නඩු දැම්මා. පාර්ලිමේන්තුවේදී දොලවත්ත මන්ත්‍රීවරයා අධිකරණයේ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට අපහාස කළා කියලා ගෙනත් ප්‍රශ්න කරන්න ඕනෑ බව කීවා. සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා නැගිටලා කීවේ පාර්ලිමේන්තුවේ තීන්දුව ලැබෙන තුරු අධිකරණයේ තීන්දුව අත්හිටුවන්න කියලා. රනිල් මේ ඔප්පු කරමින් ඉන්නේ කුමක්ද? ලංකා ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් පළමු වතාවට පොදු ජනයා අතට බලය මාරුවීම වළක්වන්න වෙට්ටු දානවා. මහර තිබුණු අතුරු මැතිවරණයට විජය කුමාරතුංගත්, කමලවර්ණ ජයකොඩිත් ඉදිරිපත් වුණා. ප්‍රතිඵල නිකුත් කළේ නැහැ. ජේ.ආර්. නියෝග කර තිබුණේ කමලවර්ණ ජයකොඩි ජයග්‍රහණය කරන තුරු ඡන්දය ගණන් කරන්න කියලා. ඒ වගේම රනිල් දිනන තුරු ඡන්දය නොතියා ඉන්න නම් කල්පයකට ඡන්දය තියන්න වෙන්නේ නැහැ. මේ රටේ රනිල් දිනන්නේ නැහැ. අපි මීටර් සීය දුවන්න ආවා කියලා රනිල් හිතුවත් අපි ආවේ මැරතන් එකක් දුවන්න. ඒ මැරතන් එකෙන් අපි ජයග්‍රහණය කරන බව රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න ඕනෑ. කල් දාලා, හාල්, ඩීසල්, වගේ දේවල් බෙදලා දිනන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. හාල් බෙදන්න ගිය මහින්ද අමරවීරට ‘හූ’ කියලා පන්නා ගත්තා. ආනමඩුවේ වී කඳු ගහන්න පුළුවන් අස්වැන්නක් ලැබූ කෘෂි ආර්ථිකයක් තිබුණා. නමුත් ඒ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කර, හාල් කිලෝ දහයක් දුන්නාම ඡන්දය දෙනවාද? නෑ, ඒ කාලය ගියා. මොන මොනවා හරි බෙදලා, ඡන්දය දිනුවේ ඉස්සර. ඒ වගේම චණ්ඩි දාලා බය කරලා ඡන්දය දිනුවෙත් ඉස්සර. දැන් ඒ කාලයත් ගියා. ඒගොල්ලන්ගේ ලොකුම චණ්ඩියා වුණු ගෝඨාභය පලවා හරින්න ජනතාව සමත් වුණා. එහෙව් එකෙ මේ හාදයෝ මොන චණ්ඩිද? සමහර අය කියන්න සහ ලියන්න පටන්ගෙන තිබෙනවා රනිල් රට හදන්න යන බව. ආර්ථිකය සහ රට විනාශ කළ කෙනෙකුට ආර්ථිකයත්, රටත් හදන්නත් බැහැ.

2022 භාණ්ඩාගාරයට ලැබුණු ආදායම කෝටි ලක්ෂ දෙකයි. මේ අවුරුද්දේ අපේ ණය වාරිකය සහ පොලිය ගෙවන්න විතරක් කෝටි හාරලක්ෂ විසිදහසක් වියදම් වෙනවා. භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයෙන්, සංචාරක ව්‍යාපාරයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් යොදා ගනිමින් ආර්ථිකය ගොඩනැගීමෙන් ලබාගන්නා ලද බදුවලින් භාණ්ඩාගාරයට මුදල් ලබාගන්නවා වෙනුවට ණය ගත්තා. ණය ගන්න බැරිවෙනකොට රටේ සම්පත් විකුණන්න පටන් ගත්තා. දැන් කවුරුවත් ණය දෙන්නේ නැහැ. පිනා චාන්ස් එකකින් බලයට ආව රනිල් 2015 ඉඳලා 2019 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයෙන් විතරක් එදා ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 2007දී ණය ගන්න පටන් ගත් මහින්ද රාජපක්ෂ 2014 අවසන් වෙනකොට අරගෙන තිබුණෙත් ඩොලර් බිලියන 3.5ක්. ඩොලර් බිලියන 12.5ක් අරගෙනත් රට වට්ටපු රනිල් අයි.එම්.එෆ්. එකෙන් ඩොලර් බිලියන 2.9ක් අරගෙන රට හදයිද? අපේ රටේ රාජ්‍ය ආයතන සහ දේපළ 88ක් විකුණලා තිබෙනවා. විජේපාල මෙන්ඩිස් මුලින්ම විකුණන්න පටන් ගත්තේ පේෂකර්ම ශාලාවලින්. මත්තේගොඩ, පූගොඩ, තුල්හිරිය, රෙදි ජනපද වික්කා. කුඩා පේෂකර්ම ශාලා වසා දැමුවා. විකිණීම හොඳයි නම්, ඒවා ගත්ත හාදයෝ ඒ කර්මාන්ත දියුණු කර තිබෙන්න ඕනෑ. නමුත් අද වෙනවිට ඒ කිසිම කර්මාන්ත ශාලාවක් නැහැ. වැලිසර කිරිපිටි කම්හල විකුණා දැම්මා. අද කිරිපිටි හදනවාද? හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව වික්කා. අද සීනි හදනවාද? ඇඹිලිපිටියේ කඩදාසි කම්හල විකුණා දැම්මා. අද කඩදාසි හදනවාද? තුනී ලෑලි සංස්ථාව විකුණා දැම්මා. අද තුනී ලෑලි හදනවාද? රජය සතුව තිබුණු වතු සමාගම් විස්සක් විකුණා දැම්මා. අද තේ වගාව දියුණු කර තිබෙනවාද? සමහර තේ වතු අද අයිතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ ටාටා සමාගමට. විකිණීම හොඳයි නම්, අඩුම තරමේ වැඩකරන කම්කරුවන්ට දවසකට රුපියල් 1000ක පඩියක් දෙන්න හැකිවෙන්න ඕනෑ. ආනමඩුවේ හේනක් සුද්ද කරන්න කුලී වැඩට ගියොත් දවසකට රුපියල් 2000ක් ලැබෙනවා. රනිල් වික්‍රමසිංහලා කියන විකිණීමේ සූත්‍රය එකම ආර්ථික සූත්‍රය නොවෙයි. අර්ජුන ඇමතිවෙලා ඉන්නකොට තෙල් සංස්ථාවේ සභාපති අර්ජුනගේ මල්ලි. අලි සබ්රි ඇමති වෙනකොට අලි සබ්රිගේ මල්ලි තෙල් සංස්ථාවේ සභාපති. මහින්ද යටතේ තිබෙන කොට සභාපති එයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක සුමිත් විජේසිංහ. 1977 ජේ.ආර්. ජයවර්ධන තෙල් සංස්ථාවට පත් කළේ ගාමිණී ලොකුගේ. මේ ගොල්ලෝ යටතේ තෙල් සංස්ථාවට ඒගොල්ලන්ගේ පෝස්ටර් ගහපු අය පිරෙව්වා. ඊට පස්සේ මැර ප්‍රහාරවලට යොදා ගත්තා. මේ රටේ ජනතාව ණයට තෙල් ගහලා මේ ආයතන කඩා වැට්ටුවේ නැහැ.

කංචන විජේසේකර ඇමති කියා තිබෙනවා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ට සුඛෝපභෝගි වාහන දී තිබෙන බව. ඒ දීලා තිබෙන්නේ ඒගොල්ලන්ගේම වෘත්තීය සමිති නායකයන්ට. අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඒ වගේම දීලා තිබෙනවා. හෙජින් ගිවිසුම අත්සන් කරලා තෙල් සංස්ථාවට සිදුකළ පාඩුව රුපියල් කෝටි 8000යි. බාල තෙල් සහ බාල පොම්ප ගෙනාව සුසිල් ප්‍රේමජයන්ත, ෆවුසි තෙල් සංස්ථාව නැති කළා. මේ ආයතන ගොඩනැගීමේ හැඟීමක් තිබුණා නම්, මේ ආයතන වට්ටන්නේ නැහැ. ඒ නිසා තෙල් සංස්ථාව විකුණන්න කලින් ජාතික ජන බලවේගය පාලනයට ගෙන එන එක මේ රටේ ජනතාවගේ වගකීමක්. එයාර් ලංකා එක චන්ද්‍රිකාගේ කාලයේ එමිරේට් සමාගමට විකුණුවාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේ එංගලන්තයේ ඉඳලා හදිසියේ ඔහුගේ පිරිවර එක්ක එන්න ගුවන් යානයක් වෙන්කර නොදුන් නිසා රජයට ගත්තා. ඊට පස්සේ එයාගේ මස්සිනා, ශිරන්තිගේ මල්ලි සභාපති කළා. ඔහු සාමාන්‍ය පෙළත් අසමත්. ඔහුට සිංගප්පූරුවේ සිට එන්න ගුවන් යානයක් නොතිබුණු නිසා මැලේසියාවේ ඉඳලා ගෙන්වා ගත් යානයකින් ආපසු මේ රටට ආවා. පාලකයෝ රාජ්‍ය ආයතන විනාශ කළේ ඔහොමයි. මහින්ද රාජපක්ෂ ඒ කාලයේ පිටරට යන්න එයාර් ලංකා එකේ වෙනම ගුවන් යානයක් හයර් කරගෙන තිබුණා. බ්‍රසීලයට යන්න ඒ 317 වර්ගයේ විශාලතම ගුවන් යානයක් අරගෙන පැය 17ක් ගමන් කළා. සතියක් එහේ රැඳී ඉන්න ගාස්තු ගෙවමින් ගුවන් යානය එහේ ගාල්කරගෙන සිටියා. චීනයටත් ගිහින් දවස් 10ක් කුලී ගෙවමින් නතර කරගෙන සිටියා. ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 08ක් මිලදී ගන්න රාජපක්ෂලාගේ කාලයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කරන්න කබීර් හෂීම් ඇමති ඩොලර් මිලියන 125කට ආසන්න වන්දියක් ගෙව්වා. තෙල් සංස්ථාව, වරාය, ගුවන් තොටුපොළ කියන ආර්ථිකයේ මර්මස්ථානවලට ඒගොල්ලන්ගේ ඥාතීන් දාලා විනාශ කළා. දැන් කියනවා රට ගොඩගන්න නම් විකුණලා දාන්න ඕනෑ කියලා. කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා විනාශ කළ රාජ්‍ය ආයතන ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ශක්තිමත්ව ගොඩනඟා ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා.

රජයට ව්‍යාපාර කරන්න බැහැ කියලා ඉන්දීය රජයේ අයි.ඕ.සී. සමාගමටත් චීන රජයේ සිනොපැක් සමාගමටත් ලබාදෙන්න යනවා. සිංගප්පූරුවේ ගුවන් තොටුපොළ වරාය විතරක් නොවෙයි රජයට අයිති ටැක්සි සර්විස් එකකුත් තිබෙනවා. මම කියන්නේ අපි ටැක්සි සර්විස් පටන් ගන්නවා කියලා නොවයි. මේ මිථ්‍යාව කඩන්නයි ඕනේ. හොරකම් කර කර ව්‍යාපාර කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ ණය ගන්න පාර සහ විකුණන පාර විතරයි. ඒ පාරේ ගිහින් මේ රට ගොඩගන්න පුළුවන් නම් දැන් ගොඩගිහින් තිබෙන්න ඕනෑ. රුපියල් කෝටි විසිඅට ලක්ෂයක් මේ රට ණය කරලා තිබෙන්නේ. මේ කඩා දැමූ රට ගොඩනගන්නේ දූෂණය තුරන්කර ජාතික නිෂ්පාදනයක් ඇතිකරන නව ආර්ථික වැඩපිළිවෙළක් සහිත ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විතරයි. ඉන්දියාවේ ගොවිපළකින් බිත්තර මිලදීගෙන වරාය දක්වා ප්‍රවාහනය කරලා නැවෙන් ගෙනැවිත් මේ රට තුළ බෙදාහැරලා රුපියල් 35/- මිලකට දෙන්න පුළුවන් නම්, රහස මොකක්ද? නිෂ්පාදන පිරිවැය අඩුවීමයි. අපේ රටේ බිත්තර නිෂ්පාදනය ගැන විතරක් සලකා බැලුවත් අඩු පිරිවැයකින් බිත්තරයක් නිෂ්පාදනය කරලා, ජනතාවට දෙන්න බැරි ආණ්ඩුවක් රට ගොඩනගන්නේ නැහැ. අපේ රටේ ස්වභාවික පිහිටීම ස්වභාවික සම්පත් යොදා ගන්නේ මේ රටේ කර්මාන්තකරුවන්, අනෙකුත් ව්‍යවසායකයන්, ශක්තිමත් කරමින් නව දැක්මක් සහිත ක්‍රියාත්මක කරන සමස්ත ක්‍රියාවලියකින් රට ගොඩගන්න ඕනෑ. ඒ දැක්ම සහ හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ඒ අදූෂිත, දැක්මක් සහිත කැපවීමෙන් වැඩකරන ජාතික ජන බලවේගය ජනවරමින් බලයට පත්වීම, රනිල් වික්‍රමසිංහගේ ඡන්ද කල්දැමීම්වලින් වළක්වන්න බැහැ.යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Next Post

අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

editor

editor

Next Post

අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved