• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ – ඇමැති බන්දුල

31 May 2024
in දේශීය, පුවත්
බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ – ඇමැති බන්දුල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බොරු කියලා බලය ලබා ගත්තොත්, ඒ තුලින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත්, වගතුවක් යහපතක් සිද්ධ වෙන්නේ නෑ යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාමල් උයන මාර්ගයේ දෙවන අදියරේ ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කරමින්ය.

නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය ප්‍රථිසංස්කරණය කෙරුණු අතර, මෙම උත්සවය සඳහා සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාද සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා,“ බොරු කියලා බලය ලබා ගත්තොත්, ඒ තුලින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත්, වගතුවක් යහපතක් සිද්ධ වෙන්නේ නෑ, දැන් සමහර නායකයෝ මේ ගම්බඳ ජනතාවගේ දරුවන්ගේ පාසලට ඇවිල්ලා, සුහුරු පන්ති කාමරයක් කියලා රුපියල් මිලියනයක් දීලා, ඒ ආදර්ශය අරන් ලංකාව හදනවා කියලා කියනවා, මේක ඉතාම නොදියුණු ප්‍රාථමික, ගෝත්‍රික වැඩසටහනක්.මම මේ රටේ හිටපු අධ්‍යාපන අමාත්‍යයවරයා, අපේ අධ්‍යාපනයේ තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි විභාග සමත්, ජීවිතය අසමත් දරුවෝ තමයි මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි වුණේ, අ.පො.ස සාමාන්‍යය පෙළ, උසස් පෙළ සමත් වෙනවා, සහතික විශාල ප්‍රමාණයක් ගන්නවා, ජීවන උපායක් සලසා ගැනීම සඳහා රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා.විභාග සමත් ජීවිතය අසමත්, ඔවුන් ඊට පස්සේ ප්‍රචන්ඩත්වයට හුරු වෙලා, කැරලිකාරයෝ වෙලා, දහස් ගණන් තරුණ ජීවිත කීප විටක් මේ රටේ නැති වෙලා තියෙනවා, මේ වැරදි අධ්‍යාපන ක්‍රමය නිසා, අධ්‍යතන ලෝකයට ගැලපෙන ලෙස මේ අධ්‍යාපන ක්‍රමය හදන්න, මම අධ්‍යාපන අමාත්‍යයවරයා වශයෙන් විද්‍යා, කළා, වාණිජ විතරක් තිබුණ ලාංකීය අධ්‍යාපනයට තාක්ෂණය විෂයධාරවක් ලෙස එකතු කළා, ඔබේ දරුවාට අනාගතයට අවශ්‍යය කරන පරිගණක පිළිබඳ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා පරිගණක 40 කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක් පරිගණක 20 ක් සහිත විදේශ භාෂා සඳහා, භාෂාගාරයක්.එක් පරිගණකයක් සහිත ගණිතාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ලංකාව පුරා ඇති කළා, එක පාසලකට පරිගණක 62 බැගින් ලබා දුන්නා.හැබැයි මම ඒ ඒක ඒක විවෘත කරන්න ගියා නම් රැස්වීම් 1000 ක් තියන්න වෙනවා, කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් වෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් පාසල් කීපයක තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කළා, ඉංජිනේරු තාක්ෂණය සඳහා එක මහලක්,ජෛව පද්ධති තාක්ෂණය සඳහා එක මහලක් හා පන්ති කාමර 04 ක් ඇතුළු විද්‍යාගාර 251 ක් අපි ඇති කළා, එහෙම කරලත් ලෝක‌ේය අධ්‍යාපනයේ ඇති වෙන වෙනස්කම් වලට ප්‍රමාණවත් නැති නිසා, අතිගරු ජනාධිපතිතුමන්, අධ්‍යාපන අමාත්‍යයතුමන්, අධ්‍යාපන විශේෂඥයින් සහිතව අද්‍යතන ලෝකයට සරිලන නව පුලුල් වෙනස්කම් සහිත ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් සකස් කරලා අවසන් කරලා තියෙනවා. එහෙම නැතිව දේශපාලන උපක්‍රම පාවිච්චි කිරීමෙන් මේ රටේ ඔබේ දරුවාට අනාගත ලෝක‌යේ උරුමකරුවෙක් කරන්න හැකි වෙන්නේ නෑ, ඒ නිසා එවැනි දර්ශනයක් වැඩපිළිවෙලක් සහිතව ජනතාවට පැහැදිලි කරමින්ඇත්ත කියන යුගයක් කරා ගමන් කරන්න නම් පවතින යථාර්ථය සහිතව ගමන් කළ යුතුයි. ලංකාව කිසි විටක් අන්තර් ජාතික සහයෝගීතාවයකින් තොරව දශමයක්වත් ඉදිරියට ගෙන යන්න බෑ, මම පොදු ප්‍රවාහනය භාර අමාත්‍යයවරයා, මේ රටේ තියෙන බස් බළ ඇණියෙන් 52% ක් යල් පැනලා තියෙන්නේ, අලුත් බස් ගන්න ඔ්න බස් ගන්න සල්ලි නෑ, ඒ සඳහා කෝටී ප්‍රකෝටි ගණනක් වියදම් කරන්න රජයට ඔබ ගෙවන බදු මුදලින් බෑ, ඒ නිසා ඉන්දියන් ණය මුදලින් කුඩු බස් 500 ක් අරන්, අනුරාධපුරයටත් ලබා දීලා තියෙන්නේ.මහව ඉඳන් අනුරාධපුරයට දුම්රිය මාර්ගය අලුත්වැඩියා කරනවා සම්පූර්ණයෙන් ගලවලා, ඒ ඉන්දියානු ණය යෝජනාක්‍රමයක් යටතේ, දුම්රිය එන්ජින් ගන්න සල්ලි නෑ, ඒ නිසා ඉන්දියන් ආධාර යටතේ දුම්රිය එන්ජින් 20 ක් ප්‍රධානයක් ලෙස ලබා ගැනීම සඳහා ආණ්ඩු දෙක සාකච්ජා කරමින් සාර්ථක අදියරට පත් වෙලා තියෙනවා.මේ ඇත්ත එක්ක, අන්තර්ජාතික සහයෝගය ඇතිව, ගත්ත ණය ගෙවන වැඩපිළිවෙලක් සකස් කර ගෙන ඒ අනුව අඩියෙන් අඩිය රට ඉදිරියට ගෙනයාමට සිදු කරන උත්සහයට අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍යංශයේ නිළධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන්ද සහභාගී වී සිටියහ.

 

තිසර සමල්- අනුරාධපුර

Post Views: 12,849
Previous Post

තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්න – ඇමැති අමරවීර

Next Post

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා 226 ටම ගමකට නම් බහින්න බැරි වෙයි – වනවාසී රාහුල හිමියන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා 226 ටම ගමකට නම් බහින්න බැරි වෙයි – වනවාසී රාහුල හිමියන්

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා 226 ටම ගමකට නම් බහින්න බැරි වෙයි - වනවාසී රාහුල හිමියන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved