මීගමුව පොලිස් වසමේ මන්ත්‍රීවත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (11) සවස ලැබුණු තොරතුරකට අනුවයි.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 57ක් (බෝතල් 76ක්) පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන දූවපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.














