8 September 2024
#දේශීය #පුවත්

IMF ගිය 16 වතාවම අපි අසාර්ථකයි

තමන් වෙහෙසෙන්නේ නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මීට පෙර අවස්ථා c16ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති නමුත් ඒ සෑම වතාවක දීම ශ්‍රී ලංකාව අසාර්ථක වී ඇති බවයි.

අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මෙය නොවෙයි. මීට කලින් 16 වතාවක් අපි IMF සහාය ලබාගෙන තියෙනවා. ඒ හැමවතාවේ ම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි? අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු කැඩුවා. අපේ රටේ ඉතිහාසයටම IMF වැඩ සැලැස්මක් සාර්ථක වුණ මුල්ම අවස්ථාව තමා මේ.

අවසානය මෙතෙන නොවෙයි. දැන් අපිට ජාත්‍යන්තර සහතිකයක් ලැබී තියෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තියෙනවා. අපි එයින් ප්‍රයෝජනය ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබාගත්තොත් ආය කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍ය නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒ දේට.

Leave a comment

Your email address will not be published. Required fields are marked *