ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (18) පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ කාර්ය සාධනය ඉතා සාර්ථක මට්ටමක පවතින බව ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය මෙහිදී අවධාරණය කළාය. විශේෂයෙන්ම දරුණු ආර්ථික අර්බුදයකින් පසු රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුව ඉටු කළ තීරණාත්මක කාර්යභාරය ඇයගේ ඇගයීමට ලක් විය.
ඉදිරි ආර්ථික ගමන්මඟ පිළිබඳව අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආර්ථිකය තිරසාර ලෙස පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි බවයි. මෙම හමුව මෙරට මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













