• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෙහෙළියගේ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ චෞර නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න – මන්ත්‍රී කාවින්ද

26 October 2023
in දේශීය

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කළා වගේම ඔහු වටා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත චෞර නිලධාරී කල්ලියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්න ලෙස වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඖෂධ සංස්ථාවේ නීතියට පිටුපා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඖෂධ සංස්ථාවේ නිලධාරින් බෝනස් ගත්ත ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවද ජයවර්ධන මහතා හෙතෙම පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ‘‘ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජනබලවේගය රටේ රෝහල් පද්ධතිය , වෛද්‍යවරු , හෙදියන් සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රෙය් නිලධාරීන් කොයිතරම් දුරට අසරණ වෙලා තිබෙනවාද කියන කාරණය පිළිබඳව දිගින් දිගටම පැහැදිලි කළා. රටට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනල්ලා ඒ හරහා ඇස් අන්ධ වුණ , විවිධ සංකූලතා ඇතිවුණ , මරණයට පත්වුණ රෝගීන් පිළිබඳ කතා කළා. එමෙන්ම රටේ තිබෙන ඖෂධ හිඟය පිළිබඳව , ලියාපදිංචි නොකළ ඖෂධ මිලදී ගැනීම පිළිබඳව සහ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගැනීම පිළිබඳව මෙන්ම ඒ හරහා රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීම ගැන ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඒ පිළිබඳ කරුණු අනාවරණය කළා. දූෂිත ඖෂධ ගණුදෙනු පිටුපස සිටින නිලධාරීන් පිළිබඳව අනාවරණය කළා වගේම මේ කරුණුවලට ක්‍රියාමාර්ග නොගැනීම තුළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජනබලවේග ප්‍රධාන විපක්ෂය ලෙස ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවා. නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ 113 ක් ඡන්දය ලබාදුන්නා. ඡන්දය ලබාදීලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඔවුන් අනුමත කරනු ලැබුවා. ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන ඒම ලියාපදිංචි නොකළ බෙහෙත් ගෙන ඒමේ වංචනික ක්‍රියාදාමය පුලුල් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය මත හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් ලංකාවට ගෙන්වීම සිදුවුණා. පසුව එම එන්නත් ලංකාවේ රෝහල් පද්ධතියට ලබාදෙන්න කටයුතු කළා. එහිදි රෝගීන්ට විවිධ සංකූලතා ඇතිවීම හරහා මෙම එන්නත පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්න කියලා වෛද්‍යවරු ඖෂධ බෙදාහැරීමේ අංශයට දැනුම් දුන්නා. ඒ හරහා ඔක්තෝම්බර් 3 වැනිදා සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වුණා හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත තත්ත්වයෙන් බාල ඖෂධයක් කියලා. මෙම ඖෂධ ගෙන්නපු ආයතනය , නිෂ්පාදනය කළ ආයතනය ගෙන්වීම සඳහා භාවිතා කළ ලිපිගොනු ව්‍යාජ ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා මේ එන්නත් වල අඩංගු වන්නේ සේලයින් වැනි ඖෂධයක් කියලා. හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත ලබාදෙන්නේ මරණාසන්නයේ සිටින රෝගීන්ට. මේ රෝගීන්ට සුවවීමට ලබාදෙන එන්නත් වල තිබෙන්නේ සේලයින් නම් මේ රෝගීන් මරණයට පත්වෙනවා. එහෙමනම් මේ එන්නත් ගෙනාපු නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ පිළිබඳව සමගි ජනබලවේගය ප්‍රකාශ කරපු කාරණා අද සනාථ වෙලා තිබෙනවා. ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජනබලවේගය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට , අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා , දස ලක්ෂයක අත්සන් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා වගේම නීතිය ඉදිරියට පාර්ලිමේන්තුවට වගේම මහ පාරට මේ සටන ගෙන ගියා. දැන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම ඇමැතිවරයා ආරක්ෂා කරපු නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ නිලධාරීන් නිසා රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත විනාශවෙලා තිබෙනවා සහ බදුගෙවන ජනතාවගේ බදු මුදල් වංචනික ලෙස පැහැරගෙන තිබෙනවා. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ අමාත්‍යාංශය මාරු වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ පුටුවල ඒ විදිහටම ඉන්නවා. වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණට පුලුවන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් ඒ පුටුවලම තියාගෙන සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ සිදුවුණ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වන්න. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේ සිදුවුණු වංචා දූෂණ ගැන පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද කියලා රට දැනුවත් කරන්නැයි අපි වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගෙන් ඉල්ලා සිටිනවා. ඖෂධ සංස්ථාවේ නීතියට පිටුපා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් බෝනස් අරගෙන කියලා පුවතක් වාර්තා කරලා තිබෙනවා. රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් තමයි මේ ආකාරයට වංචනිකව ලබාගෙන තිබෙන්නේ. ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ගෙන ඒමට , අඩු මිලට ඖෂධ ගෙන්වීමට සහ ලබාදීමට කටයුතු කරලා තිබෙනාවනම් මෙහෙම බෝනස් ගත්තට කමක් නෑ. තත්ත්වයෙන් බාල බෙහෙත් ගෙනල්ලා එච් අයි වි , හෙපටයිටීස් වැනි රෝග රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය ඇති කරලා බාල බෙහෙත් අරගෙන රෝගීන් මරණයට පත්වෙනකොට අධික මිල ගණන්වලට බෙහෙත් ගේනකොට ඖෂධ සංස්ථාවේ නිලධාරින් මේ ආකාරයට බෝනස් ගන්නේ කොහොමද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් කරන්න ඕන.” යැයි මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

රනිල් එක්ක වැඩ කරන්න බැරිනම් පොහොට්ටුවට ඡන්දයට යන්න පුළුවන් – මන්ත්‍රී ලාන්සා

Next Post

තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි -ජනපති

editor

editor

Next Post

තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved