මෙරටට ආනයනය කරන ලද බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවස්ථා හත අටකදී ක්‍රියාවිරහිත වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බාල ගල් අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදන ක්‍රියාවලියට බරපතළ බාධා එල්ල වී ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී රට තුළ විදුලි කප්පාදුවක අවදානමක් මතුවිය හැකි බවත් විපක්ෂ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.














