• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට – අමාත්‍ය ප්‍රසන්න

18 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති අතර ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම ඊයේ (17) පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී සිදු කෙරිණි. එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

නාගරීකරණය යනු යම් රටක සංවර්ධනය පිළිඹිබු කරන ප්‍රධාන සාධකයකි. එසේම නාගරීකරණය රටේ අනාගත දිශානතිය තීරණය කරනු ලබන වැදගත් සාධකයක්ද වේ. ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 % කි.

යම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලන්නේ නිර්ණායක කිහිපයක් මත පදනම්වය. ජනගහණය, ජනගහණ ඝණත්වය, කිලෝමීටර 10 ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල් හා සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිළධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබා දී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර වේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හදුනා ගැනීම සහ ඒ සදහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමයි. මෙම සමීක්ෂණය සදහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණ.

මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන් සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හදුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා මෙහිදී සදහන් කලේය. එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බවද ඔහු පැවසීය.

මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිළධාරී වසම් 3,025 ක් නාගරික ප්‍රදේශ වශයෙන් හදුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68% ක් වේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74% කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76% ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84% ක් වේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග මහතා සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 7
Previous Post

අවිධිමත් ලෙස පරිසරයට බැහැර කල එන්නත් කුප්පි 5000 ක් සොයා ගැනේ

Next Post

පනත්කෙටුම්පත් 05කට කථානායකවරයාගේ සහතිකය

editor

editor

Next Post

පනත්කෙටුම්පත් 05කට කථානායකවරයාගේ සහතිකය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved