• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරියේ දී විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ක්‍රියා කරනවා – මන්ත්‍රී පාඨලි

21 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා ‌මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වනවිට ශ්‍රී ලංකාව තුළ නව දුගී පන්තියක් නිර්මාණය වී ඇති බවට ඊයේ දින ලෝක බැංකුව විසින් නිල වශයෙන් සැප්තැම්බර් 15 අවසන් වූ දෙවන කාර්තුවට අදාළව නිකුත් කරනු ලැබූ මෙරට ආර්ථික වර්ධන වේග වාර්තාව මගින් හා යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධාන නිකුත්කළ වාර්තා මගින් තහවුරු වන බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා “මාර්තු මස සිට ජූනි මස අවසානය දක්වා ආර්ථිකය සමස්තයක් ලෙස සංකෝචනය වෙලා තියෙනවා. එහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රය සෘණ (-) 8.4 කින් සංකෝචනය වෙලා. කර්මාන්ත ක්ෂේත්‍රය, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත – 10 කඩා වැටීමක් දෙවෙනි කාර්තුවේ දී දැක ගත හැකි. මෙහිදී ඉතාම භයානක වශයෙන් – 16කින් කඩා වැටී තියෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය. එහි ආසන්න වශයෙන් 1/5 මේ වෙනකොට බිඳ වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයෙන් 60%ක් වූ බැංකු ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, අනෙකුත් සේවා ක්ෂේත්‍ර – 2.2 අඩුවීමක් දැක බලා ගන්න පුළුවන්. ඒ අනුව ආර්ථිකය පළවෙනි කාර්තුවට සාපේක්ෂව ඉතා සීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබෙනවා. පළවෙනි කාර්තුවේ ජනවාරි සිට මාර්තු සංකෝචනය වුනේ – 1.6යි. දැන් දෙවෙනි මාස තුනේදි ඒක – 8.4ක් වෙලා තියෙනවා. සමස්තයක් ලෙස 2022 පලවෙනි මාස 6 දී ලංකාවේ ආර්ථිකය – 4.8. එහිදීත් – 7.6ක් තරම් විශාලම බලපෑම එල්ල වෙලා තියෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට. ඒ වගේම ඉන්ධන ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියෙන අර්බුදයත් බලපාලා තියෙනවා. මේ QR පදනම නිසා ඉන්ධන භාවිතය අඩු කරලා තියෙනවා. QR වලින් ලබා දී ඇති සීමා සහිත ඉන්ධන ප්‍රමාණය නිසා 22% – 26% අතර ප්‍රමාණයකින් ඉන්ධන භාවිතය අඩුවෙලා. විදුලි ඉල්ලුම 20% පමණ අඩුවෙලා. මෙම ක්ෂේත්‍ර කඩාවැටීම තුළින් ඇතිවූ විරැකියා ප්‍රතිශතය ගැන තාම නිල වශයෙන් කිසිම වාර්තාවක් නැහැ. විරැකියාව ඉතාමත්ම සිඝ්‍රයෙන් ඇතිවෙමින් තිබෙනවා. ජනගහනයෙන් 1/3 නිසි ආහාර නොලැබිම මගින් නව දුගී පන්තියක් බිහිවෙමින් තිබෙන බව පසුගියදා යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කළා. අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය ප්‍රතික්ෂේප කළා. ළමා මන්දපෝෂණය, ගැබිණි මව්වරුන්ගේ පෝෂණය වැනි ප්‍රශ්න ඉතාම බරපතළ විදිහට ලංකාව තුළ දැන් ඉස්මතු වෙමින් පවතිනවා. නුවරඑළිය ප්‍රදේශ වල වතු ජනතාවගේ බොහෝදෙනෙකුගේ දෛනික පඩිය රුපියල් 25යි. දැන් පාන් පිටි කිලෝවක් විතරක් රුපියල් 400ක් පමණ වෙනවා. ඔවුන් අද තමන්ගේ එක වේලක් අත ඇරලා තියෙනවා. ඒගොල්ලන්ට කිලෝ 40ක් කැඩුවොත් තමයි රුපියල් 1000 ලැබෙන්නේ. නමුත් පොහොර නොමැති වීම නිසා තේ අස්වැන්න කඩා වැටිලා තියෙන නිසා ඒ කිලෝ 40ට යන්ඩ බැරි වෙලා තියෙනවා. 2020 මුළු රටේම සංසරණය වෙච්ච නෝට්ටු, කාසි ප්‍රමාණය බිලියන 1500ක් විතර. ඒ වගේ දෙගුණයක් සල්ලි අච්චු ගැහුවා. ඒ කියන්නේ රුපියල් බිලියන 4500 දක්වා වැඩි කළා. සෑම භාණ්ඩයක්ම තුන් ගුණයකින් ඉහළ ගියා. එදා අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයලා කිව්වේ, සල්ලි අච්චු ගැහුවට, කිසිසේත්ම බඩු මිල ඉහළ යන්නේ නැහැ කියලා. නමුත් අද ප්‍රයෝගිකව ඒක අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා. උද්ධමනය නිසා පොලී අනුපාත ඉහළ දැම්මා. මහ බැංකුව පසුගිය කාලේ 37% පොලියට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන තියෙනවා. අද බැංකු 25% පොලියට ඩිපොසිට් භාරගන්නවා. ඒ කරන්නේ මොකක්ද? උද්ධමනය නිසා එළියේ තියෙන සල්ලි බැංකු පද්ධතිය තුළට ගන්නවා. ඒ අනුව බැංකු වලට 30%ක පොලියට මෙම මුදල් දීමට සිදුවෙලා තියෙනවා. නමුත් පසුගිය කාලයේ ණය ගත් ව්‍යාපාරිකයන්ට අතිරේක පොලියක් සමගම ගෙවීමට වෙලා තියෙනවා. මෙහි බලපෑමෙන් මේ දෙසැම්බර් වනවිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටීම වැලැක්විය නොහැකි තැනට පත්වෙලා තියෙනවා.“යැයි පාඨලී චම්පික මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

Next Post

මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර – ඇමැති නිමල් 

editor

editor

Next Post

මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර - ඇමැති නිමල් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved