• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න – වජිර අබේවර්ධන

12 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිටින අයට මේ අවදානම් දීමනාව ලබ දී රට වහාම සම්පූර්ණයෙන්ම සති කිහිපයනට ලොක්ඩවුන් කරලා මහජන ජීවිත ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි මාධ්‍යයට නිකුත් කරමින් සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවකයින්ට රු. 25,000/- ක අවදානම් දීමනාවක් සහ මිය යන කොවිඩ් සක්‍රිය රාජ්‍ය සේවකයින්ට රු. ලක්ෂ 50 ක රක්ෂණ ආවරණයක් ලබා දෙන ලෙසයි.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ශ්‍රී ලාංකිකයන් හැටියට මේ කෝවිඩ් ව්‍යසනයේ අප ස්වයං විවේචනයක යෙදිය යුතුව තිබෙනවා. කෝවිඩ් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදු කළ විවාදය නරඹන අවස්ථාවේදී අපට මේ කාරණාව සම්බන්ධයෙන් තදින් දැනුණා. එයට හේතුව මේ මොහොතේදී අප පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මේ රට පත්වෙලා තිබෙන ව්‍යවසනය හමුවේ මේ කෝවිඩ් විවාදයෙන් ජාතියක් හැටියට එකට නැගී සිටිමින් එයින් අත් වූ යහපතක් අපට පෙනුනේ නැහැ. මොකද හේතුව මෙවැනි විවාද පැවැත්වීමෙන් වෙන්නේ පක්ෂ, විපක්ෂ පිල් දෙපසකට බෙදී එකිනෙකාට තර්ක කර ගැනීම විනා එකට එකතු වී මෙය විසඳා ගැනීමක් නොවේ.

අප දකින ආකාරයට මෙය සිදු කර ගැනීමට තිබුනේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට වඩා ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය තුළින් සියළු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් එක විසඳුමකට පැමිණීමෙනුයි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය හැටියට අපට ස්වයං විවේචනයක් තිබෙනවා. මොකද අවුරුදු 70 තිස්සේ රට පාලනය කළ දේශපාලඥයන් සහ එම දේශපාලඥයන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව මේ වන විට ශක්තිමත් වෙලා තියෙන්න ඕන මෙවැනි ව්‍යසනයකදී දවස් 72 ක් රට හුදෙකලා කරලා තිබුණොත්, සංක්‍රමණ සීමා පනවලා තිබුනොත්, ඇඳිරි නීතිය පනවලා තිබුණොත් ඒ දවස් 72 නඩත්තු වීමට ජනතාව සතු සංචිතවත්, රජය සතු සංචිතවත් නැති තැනට පත් කරගෙන තිබෙනවා.

අවුරුදු 72 කරන්න බැරිවූ ඇතැම් සංවර්ධන කටයුතු දවස් 72 ක කාලයක් රට වසා දැමීමෙන් හැකිවන්නේ කෙසේදැයි කුඩා ළමයෙකු වුවද ප්‍රශ්න කරනු ඇත. එසේනම් මෙතැන ලොකු වරදක් කොහේ හෝ සිදු වී තිබේ. මෙම කෝවිඩ් වසංගතයට මුහුණදීමෙන් අනතුරුව අප අඩුගානේ වසරකට වරක් හෝ අප සියලුදෙනාම දෙනාම එකතුවී රටට ඊළඟට මෙවන් ව්‍යසනයක් අත්වීමේදිවත් රට අකර්මන්‍ය නොවන ආකාරයට ජනතාවට නඩත්තු කිරීමට රජයට අවශ්‍ය සංචිත කෙසේ නිර්මාණය කළ යුතු දැයි පුළුල් ජාතික සංවාදයක් තුළින් වැඩ පිළිවෙලක් හදාගෙන එය විවේචනය කිරීමකින් තොරව සැවොම එකතු වී කළ යුතුයි.

කෙසේ හෝ අප මේ වසංගතයෙන් එළියට පැමිණිය යුතුයි. ඒ සඳහා අපට මේ මොහොතේ දැනට පවතින ප්‍රධාන ප්‍රශ්නය නම් දිනෙන් දින වාර්ථා වන රෝගීන් ප්‍රමාණයද, මරණ ප්‍රමාණයද ඉහළ යමින් පවතින අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සීඝ්‍රයෙන් පහළ යමින් පැවතීමයි.

එමෙන්ම මීට පෙර පෞද්ගලික රෝහල් විසින් කෝවිඩ් යැයි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය 0.5% ක් බවත් දැනට එය 10% ට වැඩි වී තිබෙන බවත්,එමෙන්ම රාජ්‍ය අංශයේ සමහර තැන්වල 25%ත් තවත් සමහර තැන්වල 70% දක්වා වැඩි වෙමින් පවතින බවත් වාර්ථා වෙනවා.

මේ වේලාවේ ස්වසන උපකරණ සහ ඔක්සිජන් සපයන උපකරණ කල්වේලා ඇතුව ලබා ගන්න කියලා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ හිඟයක් ඇති නොවන්න වගබලාගන්න ඕන නිසයි. ඔක්සිජන් නිර්මාණය කිරීමට හැකි කර්මාන්තශාලා මේ රටේ තිබුණත් ඒ සඳහා අවශ්‍ය බහාලුම් ටැංකි නොමැති ප්‍රශ්නයක් උදා වී තිබෙනවා. විශාල ජාතික ව්‍යසනයකටයි මේ මුහුණ පාමින් සිටින්නේ. විශේෂයෙන්ම දැන් පෞද්ගලික අංශයෙන් දැන ගැනීමට හැකි ආරංචි අනුව හෙදියන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් වෙමින් පවතිනවා. ඉන්ටර් මීඩියට් කෙයා සෙන්ටර් හෙවත් අතරමැදි සත්කාරක ඒකකවල සේවය කරන හෙදියන්ගේ වැටුප තුන් ගුණයකින් වැඩි කිරීමට සහ වෛද්‍යවරුන්ගේ වැටුප 25% කින් වැඩි කිරීමට පෞද්ගලික අංශයට සිදු වී තිබෙනවා. ඒ ආකාරයට තමයි පෞද්ගලික අංශය මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඒ අයගේ සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ. මේ තත්ත්වය ඉතා ඉක්මනින් රජයේ සෞඛ්‍ය සේවයටත් කාන්දු වෙමින් පවතිනවා.

එම නිසා අප යෝජනා කරනවා රජයට යුද්ධ කාලයේ ගෙව්වා වගේ රුපියල් 25,000 ක වත් අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන්න ඕන කියලා.

ඊට අමතරව අඩුම ගානේ ලක්ෂ 50ක වත් රක්ෂණ ආවරණයක් රජය මගින් මුදල් ගෙවා රාජකාරියේ යෙදී සිටින විට යම් කෙනෙක් කෝවිඩ් නිසා මරණයට පත්වුව හොත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මගින් ගෙවිය යුතු බවට රාජ්‍ය සේවකයින් කෝවිඩ් නිසා මරණය පත් වීම දැනට එතරම් ඉහළ අගයක නොපැවතුනත් මෙය කෝවිඩ් සඳහා සක්‍රීය සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින්ට විශාල අස්වැසිල්ලක් පිටුවහලක් වෙයි. මෙය ගණන් සාදා බැලුවහොත් ඕනාම අයෙකුට තේරෙනවා මේ ගෙවන්න වෙන වන්දි මුදල ලොකු ප්‍රමාණයක් කියලා. නමුත් රක්ෂණ සංස්ථාවට හැකියාව පවතිනවා ප්‍රති රක්ෂණ ගෙවීමකින් හෝ නොමැතිව සක්‍රීය සේවයේ යෙදෙන කෝවිඩ් මර්දනයෙහි ඉදිරි පෙළ සිටින අයට මේ රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ගෙවන්න. මේ සඳහා දායකත්ව මුදල රජයේ සංචිතයකින් ගෙවන්න.

මේ සම්බන්ධ කරුණු දෙක කෙරෙහි අවධානය යොමු කළහොත් රක්ෂණ වාරික සම්බන්ධ මත බේද හෝ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් රුපියල් 25,000 අවදානම් දීමනාව ගෙවීමට විවිධාකාරයෙන් අරමුදල් රජයට සම්පාදනය කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් රජය විසින් මුදල් මුද්‍රණය කරන විදිහ වැරදිය. එමගින් හෝ රජයේ සේවකයින්ට අවම වශයෙන් මාස තුනකට අවදානම් දීමනාව ලබා දී ඔවුන්ට වඩාත් සක්‍රීය ලෙස සේවය කිරීමට ඔවුන් දිරිමත් කළ හැකියි.

ඊට අමතරව කෝවිඩ් සටනේ ඉදිරිපෙළින් සිටින අනෙක් හෙද හෙදියන්ටද මෙම අවදානම් දීමනාව ගෙවිය යුතුයි. රජය අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අප මේ යෝජනාව කරන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය සහ සියලු දේශපාලන පක්ෂ සමග එකට වාඩි වී මෙම අරමුදල් සපයාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුයි. ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, අප පක්ෂයේ නායක හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළු පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා සහය දෙන ලෙස ඉල්ලා සිටිනවා. තවද පැය 72 ඇතුලත මෙම දීමනාව ගෙවන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ වෙලාවේ ගරුතර මහා සංඝරත්නයට ඇතුළු අනෙකුත් ආගමික නායකයන් සහ සියලු පාර්ශව වලට එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අපේ පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2020 මාර්තු මාසයේදී පමණ ප්‍රකාශ කළා කොරෝනා වසංගතයට මුහුණ දෙන්න මේ සියල්ල සූදානම් කරගන්න කියලා. ඒවා ගනන් ගත්තෙවත් නැහැ. දැන් එන්නත් (ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනිකා / චීනයේ සයිනොෆාම් / රුසියාවේ ස්පුට්නික් – වී ) නියමිත වෙලාවට ලබා ගන්න බැරි වෙලා තිබෙනවා.
දැන් ඉදිරි මාස දෙක තුළ ගෙනාවත් මහජනයා දැන් අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඉන්දියාවට ප්‍රශ්න එන්න කළින් මුදල් ගෙවලා එන්නත් ලබා ගන්න තිබුණා. ඇයි එම අවස්ථාව මහ හැරුණේ කුමක් නිසාද? දැන් සිදුවන්නේ මහජනයා නැවත තමන්ගෙ ශක්තියෙන් ගොඩනැගීමයි.

ලංකාවේ තිබෙන හදීසි මහජන සෞඛ්‍ය අන පනත් අවුරුදු 150 ක් පමණ පැරණියි. මේ වෙලාවේ ලෝකයේ අනෙකුත් රටවල් අලුත් නීති රීති පද්ධති සෞඛ්‍ය අංශයටත්, ආර්ථික අංශයටත් ගෙනැවිත් තිබෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුවේ ගැලපෙන අලුත් එකම නීතියක් හෝ ගෙනැවිත් නෑ.

අපි භාවිතා කරන කොරන්ටයින් නීතිය අවුරුදු 150 ක් පමණ පැරණි නීතියක්. අපි දුටුවා පාර්ලිමේන්තුවරයෙක් වන ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරණ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනතක් නිකුත් කරලා තිබුණා “හදීසි මහජන සෞඛ්‍ය“ කියලා. ඒ හැරුණු විට මහජනයගේ ජීවිත ආරක්ෂා කරන්න ලෝකයට ගැලපෙන පරිදි ලංකාවෙ වෙනත් එක් නීතියක් හෝ ගෙනැවිත් නැහැ.

අද ජාත්‍යන්තර හෙද දිනය. අඩුගානේ රජය එය සිහිපත් වෙන්න හෝ කමක් නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිටින අයට මේ අවදානම් දීමනාව දීලා රට වහාම සම්පූර්ණයෙන්ම සති කිහිපයනට ලොක්ඩවුන් කරලා මහජන ජීවිත ආරක්ෂා කරන්න කියලා ඉල්ලන්න කැමතියි.

පවුලක එක් අයෙක් මිය ගියාම අනිත් අයගේ ජීවිත වල වගකීම විශාල ප්‍රශ්නයක් වෙනවා. පවුලක ප්‍රධානියා හෝ වෙනත් අයෙකු මිය ගිය විට එය විශාල සමාජමය ප්‍රශ්නයක් වෙනවා. යුද්ධයකින් විශාල ප්‍රමාණයක් අනාත වෙලා සිටින අවස්ථාවක නැවත පවුල් විසි තිස් දහසක් අනාත වෙන්නට ගියහොත් මේ රට විශාල වශයෙන් අවාසනාවන්ත තැනකට පත්වේවි.
අනාගතයේ මෙවැනි ජාතික ව්‍යසනයකට සංචිත පවත්වාගෙන යාමේ මහා ජාතික කර්තව්‍යයට එකතු වෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ අප සියලු දෙනාම ආරාධනා කරනවා.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,
සභාපති – එක්සත් ජාතික පක්ෂය,
මාධ්‍ය ඒකකය.

Post Views: 8
Previous Post

ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ

Next Post

අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට – ඇමැති පවිත්‍රා

editor

editor

Next Post

අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved