• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබිල වැඩි කිරීම සාධාරණ කාරණයක් නොවේ – මන්ත්‍රී රෝහිත

2 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය බිලියනයක ලාභයක් ලබා ඇති බවත් මෙම මොහොත විදුලිබිල වැඩි කිරීම සාධාරණ කාරණයක් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “මේ දිනවල 2023 වසර වෙනුවෙන් අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. ඒ වගේම අයවැය විවාදය තුන්වන වර කියවිම ඡන්දය පැවැත්වීම දෙසැම්බර් මාසයේ 08 වන දින හවස ඡන්දය විමසනවා. අපි විශ්වාස කරනවා ආණ්ඩු පක්ෂය හැටියට මේ ආර්ථිකය ශක්තිමත් කරන්න හැමකෙනාම සහයෝගය ලබාදීලා මේ අයවැය වැඩි ඡන්දවලින් ජයග්‍රහණය කරගන්න පුළුවන්කමක් ලැබෙන බවක්. ඒ වගේම මේ දිනවල කතාවට ලක්වෙනවා විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන්. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට අපි දන්නවා රටේ ආර්ථිකය ජනතාවට ජිවත්වීමට ඉතාම අපහසු කාලයක්. මේ අවස්ථාවේ විදුලිබිල වැඩිකිරීම ජනතාවට තවත් පහසුතාවයක්. පහුගිය කාලවකවානුවේ විදුලිබිල වැඩි වුණා. ඒ වගේම තෙල් මිල, භාණ්ඩවල මිල වැඩිවෙලා තිබෙන වෙලාවක තවත් සැරයක් මේ විදුලිබිල වැඩි කෙරුවොත් මෙය ජනතාවට දරාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ වගේම පුවත්පතක තිබෙනවා අගෝස්තු 10 වන දා ඉඳලා නොවැම්බර් 30 කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය බිලියනයක ලාභයක් ලබලා තිබෙනවා. ඒනම් මේ මොහොත නොවෙයි විදුලිබිල වැඩි කරන්න. ඒ නිසා මේ වෙලාවේ විදුලිබිල වැඩි කිරීම සාධාරණ කාරණයක් නොවේ. එසේම උසස් පෙළ විභායට මුහුණ දෙන්න සිටින කාලයක් නිසා ඒ කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබඳවත් ආණ්ඩුවක් හැටියට කල්පනා කළොත් හොඳයි කියන යෝජනාව අපි කරනවා. මේ අවස්ථාවේ තමයි සංචාරකයෝ එන්න පටන් අරන් තිබෙන්නේ. මේ අවස්ථාවේ යන්තම් ඔලුව උස්සන වෙලාවේ සංචාරක ව්‍යාපාරයේ නියැලන ප්‍රදේශවල විදුලි කප්පාදුව ගැන ඉතාමත් හොඳින් කල්පනාකාරිව බලන්න කියලා රජයට සහ ඇමතිතුමාට ඉල්ලීමක් කළා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම මේ දවස්වල ලෝකයේ ප්‍රබල නැව්සමාගම්වල මගි නැව් ලංකාවට පැමිණෙනවා. මේ උද්ඝෝෂණ කරන පිරිසට කියනවා මේ සංචාරකයෝ ලංකාවට පැමිණෙන වෙලාවට මේ වැඩේ කරන්න එපා කියලා. ලබන මාර්තුවේ දැවැන්ත විදුලි කප්පාදුවක් කියලා නීතිඥ උදය ගම්මන්පිළ ප්‍රකාශ කරලා තිබෙනවා.ලබන මාර්තුවේ විදුලි කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම් සභාව තමයි ඒ සම්බන්ධයෙන් යම් අනාවැකියක් කියන්න ඕන. මේ මන්ත්‍රිතුමා මේ වගේ අනාවැකි කියලා තමයි තෙල් අර්බුදය රටටම බලපෑවේ. එදා ඒ ප්‍රකාශය කරන්නෙ නැතිව මෙයට විසඳුමක්, ක්‍රමවේදයක් හැදුවානම් මේ අර්බුද නෑ. ඒ වගේම මේ දිනවල විපක්ෂය යම් යම් මැතිවරණ පිළිබඳව කතිකාවල් ඇති කරනවා. අපි දැක්කා පාර්ලිමේන්තුවේත් විපක්ෂ නායකතුමා කියනවා මැතිවරණයක් තියන්න කියලා. ජනාධිපතිවරණ මැතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් ව්‍යවස්ථාවට අනුව නියමිත කාලයට තිබෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි බොහෝම පැහැදිලිව කියනවා මැතිවරණය තියන , නොතියනවා ද කියන එක මැතිවරණ කොමිසමේ වගකීමක්. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි අපේ සංවිධාන ජාලය අපි ශක්තිමත්ව අරගෙන යනවා. නියමිත කාලයට එන්නාවු ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි අපේ පක්ෂය ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම සමහර පිරිස් මේ අරගලයෙන් පස්සේ කිව්වා පොහොට්ටුව ඉවරයි කියලා. ජනතාව එකතු කරගන්න බෑ කියලා. අපි පෙන්නුවා කළුතරින් “එක්ව නැගිටිමු“ වැඩසටහන යටතේ ජනතාව එකතු කරලා අපිට ජනතාව ඉන්නවා කියලා. ඊට පසු නාවලපිටිය, පුත්තලමින් පෙන්නුවා. සමහර අය කිව්වා බෞද්ධ බලවේගයත් නෑ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය වෙනුවෙන් ගෞරවනිය මහා සංඝරත්නය තංගල්ලට වැඩමකරලා එතුමාට අශිර්වාද කළා. යම් සීමිත සංඛ්‍යාවක් පාරට ඇවිත් කෑගහනවා වගේම නිහඩව ඉන්න ප්‍රමාණය අති විශාලයි. ඒනිසා අපි ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදි සඳහන් කළේය.

Post Views: 7
Previous Post

බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැව අද කොළඹ වරායට

Next Post

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදී ණය අයකර ගැනීම රුපියල් මිලියන 300 ඉක්මවයි

editor

editor

Next Post

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදී ණය අයකර ගැනීම රුපියල් මිලියන 300 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved