මෑතකදී ඇෆ්ගනිස්ථානයේ සිදුවූ දරුණු ගංවතුර තත්ත්වය සහ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාව විසින් ඊයේ (අප්‍රේල් 05) හදිසි සහනාධාර තොගයක් යවා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා පැවසුවේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ඇෆ්ගන් ජනතාවට මානුෂීය ආධාර සැපයීමට ඉන්දියාව කැපවී සිටින බවයි.
මෙම සහනාධාර තොගයට ආහාර ද්‍රව්‍ය, වෛද්‍ය ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වන බව වාර්තා වේ. ඉන්දියාව දිගින් දිගටම අසල්වැසි රටවල ආපදා අවස්ථාවලදී පෙරමුණ ගෙන කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














