දැනට එක්සත් රාජධානියේ ඉන්දියානු මහ කොමසාරිස් ලෙස කටයුතු කරන වික්‍රම් දොරෙයිස්වාමි (Vikram Doraiswami) මහතා චීනයේ නව ඉන්දියානු තානාපතිවරයා ලෙස පත් කිරීමට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ලඩාක් දේශසීමා අර්බුදය හේතුවෙන් වසර හතරකට අධික කාලයක් පළුදු වී තිබූ ඉන්දියා-චීන සබඳතා යළි ගොඩනැගීමේ අරමුණින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා බීජිං නුවර වෙත යැවීමට තීරණය කර ඇති අතර, ඔහු ප්‍රදීප් කුමාර් රාවත් මහතා වෙනුවට එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මීට අමතරව සිදු වූ තවත් වැදගත් පත්වීම් අතර පී. කුමාරන් මහතා ලන්ඩන් නුවරට ද, ප්‍රණේ වර්මා මහතා බ්‍රසල්ස් නුවරට ද, නාගේෂ් සිං මහතා ඕස්ට්‍රේලියාවට ද පත් කර ඇති අතර බංග්ලාදේශයේ මහ කොමසාරිස් ධුරය සඳහා මෙතෙක් ස්ථිර පත්වීමක් සිදු කර නොමැත.














