සාම්ප්‍රදායික වගාවන්ගෙන් බැහැරව ‘ඩ්‍රැගන් ෆෘට්’ වගාව වෙත යොමු වීමෙන් ඉන්දීය ගොවීන් ඉහළ මූල්‍ය ලාභයක් ලබන බව නවතම වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කර්නාටක සහ ගුජරාට් වැනි ප්‍රාන්තවල ගොවීන් මේ වන විට පොල් සහ අඹ වැනි වගාවන් වෙනුවට මෙම පතොක් කුලයට අයත් පළතුර වගා කිරීමට වැඩි උනන්දුවක් දක්වයි.
මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි අරුන් ශ්‍රීනිවාස් (Arun Srinivas) නැමති තරුණයෙකු සිය වෘත්තිය අත්හැර කර්නාටකයේ අක්කර 11ක ඩ්‍රැගන් ෆෘට් වගා කිරීමෙන් වසරකට ටොන් 220ක අස්වැන්නක් ලබා ගන්නා බව පවසා තිබේ. අනෙකුත් පළතුරු වගාවන්ට සාපේක්ෂව මෙයට ඉතා අඩු ජල ප්‍රමාණයක් අවශ්‍ය වීම සහ රෝග වැළඳීමේ අවදානම අවම වීම මෙහි ඇති විශේෂත්වයයි.
2009 වසරේදී පමණ ඉන්දියාවට හඳුන්වා දුන් මෙම පළතුර වගා කිරීම සඳහා කොන්ක්‍රීට් කණු සහ වළලු භාවිත කරන අතර, මධ්‍යම ඇමරිකාවෙන් ඇරඹි මෙම වගාවේ ලොව ප්‍රමුඛයා වන්නේ වියට්නාමයයි. 2020 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ගුජරාට් ප්‍රාන්තයේ ඩ්‍රැගන් ෆෘට් වගා කරන ගොවීන් ඇගයීමට ලක් කිරීමත් සමඟ මෙම කර්මාන්තයට විශාල ප්‍රබෝධයක් ලැබී ඇත.

















