• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණය අතින් ඉන්දියාව ඉදිරියෙන්, අපි හැමදේකම පිටුපසින් ඉන්නේ – මන්ත්‍රී වජිර

12 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තාක්ෂණය අතින් ඉන්දියාව වේගවත් බවත් ශ්‍රී ලංකාව ඉතාම පසුගාමීව ඉන්නෙ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (12) දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ තාක්‍ෂණික දියුණුව තුළින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට අවශ්‍ය නම්, සියලුදෙනාම ඊට අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුයි. තාක්ෂණ අමාත්‍යංශය ගතහොත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ යටතේ තිබෙන විෂයයක් හැටියටත්, ගරු කනක හේරත් ඇමතිතුමත්, ඒ වගේම දිලුම් අමුණුගම රාජ්‍ය ඇමතිතුමත්, මේ අමාත්‍යංශයේ වැඩකටයුතු ඉතාම හොඳින් සිදුකරමින් යනවා.

විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යංශයත්, ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයත් රටට ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක්. අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කළේ දූෂණ වංචා සම්බන්ධයෙන්, ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා. කුමන රජයක් තිබුණත් ඒ අවධානය යොමු කළ යුතුයි.

හැබැයි මම හිතනවා නියෝජ්‍ය කථානායකතුමනි,

ඉතා වැදගත් දෙයක් තමයි මේ අමාත්‍යංශවල තිබෙන විගණන වාර්ථා, මේ විගණන වාර්ථාවල ඒ ඒ ඇමතිවරු පාලනය කළ කාලය තුළ යම් වැරදි සටහන් තිබෙනවා නම් ඒවා පිළිබඳව මං හිතනවා සොයා බැලීම වැදගත් කියලා. ඒ කියන්නේ 2005 ඉඳලා 2015 වෙනකල් වෙන්න පුලුවන්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ වෙන්න පුලුවන්. ඒ පාලන කාලයේ හිටපු ඇමතිවරුන්ගේ තිබෙන ඒ අමාත්‍යංශවල විගණන වාර්ථා දෙස බැලිය යුතුව තිබෙනවා. අපි අපිම හොරු හොරු කියාගෙන දෙකට බෙදුනොත් අවසනායේදී සිදුවන්නේ මේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට තල්ලු කිරීමයි. මේවා යම්කිසි වගකීමක් ඇතුව ප්‍රකාශ කරනවා නම් ඉතා වැදගත් කියලයි මං විශ්වාස කරන්නේ. කෙසේ හෝ මේ අමාත්‍යංශය ජනාධිපතිතුමා භාරව තිබෙනවා වගේම අපේ කනක ඇමතිතුමත්, දිලුම් ඇමතිතුමත් දෙන්නම තරුණ ඇමතිවරු හැටියට මං හිතන්නේ විශාල කැපවීමක් කරනවා මේ කඩාගෙන වැටුණු රටේ මේ අමාත්‍යංශ පවත්වාගෙන යන්න.
ජනාධිපතිතුමා ලංකාවේ කර්මාන්ත ඇමතිවරයා හැටියට සිටිය දී බියගම, කටුනායක නිදහස් වෙළඳ කලාප ආරම්භ කළා. ඒ වගේම දකුණු පළාතේ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ලෙස ක්‍රියාකරද්දී කර්මාන්ත විෂයභාර ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොග්ගල නිදහස් වෙළඳ කලාප ඇති කළා. නමුත් දැන් ඒ වෙළඳ කලාප ක්‍රමය ඉවරයි. දැන් එතනින් එහාට යා යුතුව තිබෙනවා. නමුත් ඒ යන්න තිබෙන අවස්ථාව සෑම රජයක්ම මග හැරලා තිබෙනවා. හැමදාම ඇඟලුම් කර්මාන්ත කරන්න නෙමෙයි ඇඟලුම් කර්මාන්ත ලංකාවට ගෙනල්ලා තිබෙන්නෙ. ඇඟලුම් කර්මාන්ත වෙනස් වෙන්න ඕන. නව තාක්ෂණය සමග ආපසු වෙනස් වෙලා ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කරලා තිබෙනවා. දැන් එය ආපසු පමා වෙලා තිබෙනවා. වසර 20 ක් 25 පමණ. එදා ඒ යුගයට අවශ්‍ය වැඩේ ඒවායින් සිදුකළා. ඒ වගේම අපේ විද්‍යා තාක්ෂණ පැත්ත ගත්තත්, Research and Development පැත්ත ගත්තත් අපි ඒ හැමදේකම පිටුපසින්ඉන්නේ. අපිට තිබෙනවා ලෝකයේ ගමන් කරලා තිබෙන වේගවත් තාක්ෂණ ක්‍රියාවලිය හරහා ඊට සමගාමීව ශ්‍රී ලංකාව ගමන් කරලා තිබෙනවද කියලා බලන්න.

මං හිතනවා ශ්‍රී ලංකාව ඉතාම පසුගාමීව ඉන්නෙ. AI තාක්ෂණය ගැන කතා කළා. ඉන්දියාව වේගයෙන් එතැනට ගමන් කර තිබෙනවා. අපි අපිට දොස් කියාගෙන් අපි අදාල ඉලක්ක සම්පූර්ණ නොකර ක්‍රියාකරන එක මං හිතනවා බොහොම කණගාටුදායක තත්ත්වයක්. එහෙමනම් මේ තත්ත්වය තුළ කුමන කතා සඳහන් කළත්, විශේෂයෙන් ආයෝජන දිහා බැලුවාම මේ සියලු ප්‍රශ්න අතරේ ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක ආයෝජන මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙනවා. එයින් දැනට අපිට ලැබිලා තිබෙනවා ඩෝ. මි. 749 ක්. එසේනම් ඉදිරියට අපි මේ බංකොලොත් භාවයෙන් ගැලවුණාට පසුව වේගවත්ව ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ වගේම මේ අමාත්‍යංශය ලබන වර්ෂයේදී, ජනාධිපතිතුමා ගිය වසරේ තිබුණු අය වැයේදී යෝජනා කළ පරිදි මේ වසර තුළ ඩිජිටල් කිරීමේ ක්‍රියාවලිය සඳහා උපාය මාර්ගයක් ඇතිකරගන්න කටයුතු කර තිබෙනවා. ඒ සඳහා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව විසින් ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගයක් හදලා තිබෙනවා. එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්න පුලුවන් තැනට පත් කර තිබෙනවා. ඒ වගේම ගියවර අය වැයේදී යෝජනා කළ පරිදි රජය වෙත මහජනයා විසින් කරනු ලබන සියලුම ගණුදෙනු ඔන්ලයින් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. දැන් අපේ රටේ විශාල ප්‍රශ්නයක් හැටියට තිබෙනවා, අපෙ ආදායම් එකතු කිරීමේ අංශවල තිබෙන ක්‍රියාවලියන් කොහොමද රජයට වඩාත් ලාභදායි ඉලක්කයක් සඳහා ක්‍රියා කරවන්නේ කියන කාරණාව. මං හිතනවා යහපාලන රජය කාලයෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැලුවා මේ රටේ ජාතික හැඳුනුම්පතේ එක අංකයක් තුළින් සියලු අමාත්‍යංශවල වැඩ කටයුතු එක තැනකට ගෙන එන්න. නමුත් එය කරන්න සියල්ල සූදානම් කර තිබියදී අපේ පාලන යන්ත්‍රය වෙනස් වුනා. කෙසේ හෝ ඒ ඉලක්කය අපි සම්පූර්ණ කර ගත යුතු ව තිබෙනවා. සියලු ආදායම් වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කරන්න නම් තාක්ෂණය පැත්තෙන් දියුණු වෙලා දෙකෝටි තිස් ලක්ෂයක් ජනතාවගේ හැඳුනුම්පත් අංකය උපතේ දී ලබා දෙන ගමන් ඒ අංකය හරහා මුළු මහත් රටේ තිබෙන සෑම ආදායමක්ම එකතු කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු ව තිබෙනවා.

මං හිතනවා ඒ සඳහා මේ අමාත්‍යංශය දැනටමත් අවධානය යොමු කරමින් කටයුතු කරනවා. විශේෂයෙන් ඒ ඉලක්කයෙන් පමණයි අපේ ආදායම එකතු කර ගැනීම අංගසම්පූර්ණ කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ම අපේ අමාත්‍යංශ වෙන වෙනම තම තමන්ගේ විවිධ තාක්ෂණ මෙවලම් ඔස්සේ ක්‍රියා කිරීම නිසා රටේ තාක්ෂණ ඉලක්ක වලට විශාල බාධාවක් ඇති වෙලා තිබෙනවා. එසේනම් එකම පද්ධතියක් ඇතුළේ අපි මුළු ලංකාව ම සකස් කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා තමයි ජනාධිපතිතුමාත්, මේ අමාත්‍යංශයේ ලේකම් තුමාලා දෙන්නා ප්‍රධාන සියලු ම රාජ්‍ය නිලධාරියනුත් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙමින් සිටින්නෙ.

උදාහරණයක් හැටියට නියෝජ්‍ය කථානායකතුමනි, අපේ අසල්වැසි රට ඒ ඉලක්කය සම්පූර්ණ කර තිබෙන්නෙ. ඒ රටේ 1952 නේරු අගමැතිවරයා අයවැයේ දී ගත්ත වැදගත් තීරණයක් නිසා. ඒ කියන්නේ 1952 දී ඉන්දියානුවන් Research & Development වලට ඔවුන්ගේ අයවැයෙන් 12.5% ක් වෙන් කර ගන්නවා. ඒ වෙන් කර ගත්ත නිසා ඔවුන් වේගයෙන් තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කළා. උදාහරණයක් හැටියට ඔවුන් ත්‍රී රෝද රථ හැදුවා, දුම්රිය හැදුවා, බස් හැදුවා, ගුවන් යානා හැදුවා, න්‍යෂ්ටික අවිවලට ගියා, අවසානයේ ඔවුන්හඳටත් ගියා, හැබැයි ශ්‍රී ලාංකික අපි අපේම ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ක්‍රියා කිරීම සිදුවෙලා නැහැ.

ඒ නිසා වර්තමානයේ රනිල් වික්‍රමිසංහ ජනාධිපතිතුමා මේ වෙනුවෙන් විශාල ඉලක්කයක් සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අදාළ රාජ්‍ය ඇමතිවරුන් දෙපළ මං හිතනවා විශාල උනන්දුවක් දක්වනවා මෙය සාර්ථක කර ගැනීම සඳහා. මං හිතනවා පාර්ලිමේන්තුවේ සියලු පාර්ශවයන්ගේ යුතුමක් තමයි ශ්‍රී ලංකාවේ ඉහළ තාක්ෂණ මෙවලමක් එක්ක ඉදිරියේ දී ජයග්‍රාහී ඉලක්කයක් සඳහා ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් සියලු දෙනා ඒ සඳහා අවශ්‍ය කරන පූර්ණ සහයෝගය ලබා දීම වැදගත් කියලා ප්‍රකාශ කරමින් නියෝජ්‍ය කථානායක තුමනි මගේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලිකවය යටතේ ක්‍රියාත්මක කරනවා -අමාත්‍ය ප්‍රසන්න

Next Post

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනේ

editor

editor

Next Post
1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනේ

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved