ධීවර කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ කටයුතු අද (16) සිට ආරම්භ වන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම ඒකාබද්ධ කමිටුව සඳහා ධීවර නියෝජිතයින් පස්දෙනෙකු සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් පස්දෙනෙකු ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රැක්ටර් සහ වින්ච් (tractors and winches) භාවිත කරමින් ධීවර කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් පර්සීන (purse seine) ධීවරයින් පිරිසක් පසුගිය 5 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පසුගිය සිකුරාදා එම ධීවර පිරිස සිය සත්‍යග්‍රහය අවසන් කිරීමට කටයුතු කළහ.














