මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම නිසා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 60ක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. ලබන අප්‍රේල් මාසයේදී ඉන්දියාවට ලැබීමට නියමිත මෙම තෙල් තොගය මිලදී ගෙන ඇත්තේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිලට වඩා බැරලයකට ඩොලර් 5 සිට 15 දක්වා වැඩි අගයක (Premium) පවතින මිල ගණන් යටතේ බව අද (2026 මාර්තු 25) නිකුත් වූ බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තා පෙන්වා දෙයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සැපයුම අඩාල වීම නිසා ඉන්දියාවට අවශ්‍ය තෙල් ප්‍රමාණය සපයා ගැනීමට රුසියානු තෙල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඉන්දියාවට සිදුවී තිබේ. මාර්තු මස මුලදී පැනවූ අමෙරිකානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ මාර්තු 12 වැනිදාට පෙර මුහුදේ තිබූ රුසියානු නෞකා ඉන්දියාවට ලබා ගැනීමට අවසර හිමි විය. යුක්රේන යුද්ධය ආරම්භයේ සිටම රුසියාවෙන් සහන මිලට තෙල් මිලදී ගත් ඉන්දියාව, පසුගිය කාලයේ අමෙරිකානු බලපෑම මත එම මිලදී ගැනීම් අඩු කළද වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ යළිත් රුසියාව කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවී ඇත.
ඉන්දීය තෙල් පිරිපහදු සමාගම් රුසියාවට අමතරව වෙනත් ප්‍රභවයන්ගෙන් ද තෙල් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ සෞදි අරාබිය සහ ඉරාකය වැනි රටවලින් ලැබෙන තෙල් ප්‍රමාණයන් මැදපෙරදිග යුද්ධය නිසා ගල්ෆ් කලාපය තුළ සිරවී පවතින බැවිනි. මෙම මිලදී ගැනීමත් සමඟ අප්‍රේල් මාසය සඳහා ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.















