2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද (05) රාත්‍රී 7.00ට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී සත්කාරක ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයේ ඉතිරි අසුන වෙනුවෙන් එකිනෙකා හමුවීමට නියමිතය.
මේ අතර, ඊයේ (04) පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 09කින් පරාජයට පත් කළ නවසීලන්ත කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන්ය. ඒ අනුව, ලෝක කුසලාන කිරුළ වෙනුවෙන් නවසීලන්තය සමඟ සටන් වදින්නේ ඉන්දියාවද නැතිනම් එංගලන්තයද යන්න අද රාත්‍රියේ තීරණය වනු ඇත.














